Lak Derana News

උණුසුම් පුවත් · March 27, 2022 · 1 min read · 1 views

දෙවැනි සහ දිගැසිගේ ආදරණිය ෆොටෝ ෂූට් එක

“කියාදෙන්න ආදරේ තරම්” කියල කියන්නේ මේ දවස්වල බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්. ඒ වගේම එහි එන විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණු චරිත දෙකක් තමයි “දෙවෙනි සහ දිගැසි” කියලා කියන්නේ.

නව පරපුරේ සිටින බොහෝ ප්‍රේක්ෂක ආදරය ක ට හිමිකම් කියන දක්ෂ, ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු වන යෂ් විසින් “දෙවැනි” ගේ චරිතය නිරූපණය කරන අතර

“දිගැසි” නම් චරිතයට ජීවය එක් කරනු ලබන්නේ නව පරපුරේ සිටින සුරූපී රංගන ශිල්පිනියක වන සචින්තනී යන දෙපළ විසින් බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ.

ඉතින් වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමරා ත්, බොහෝ තරුණයන්ගේ සිහින කුමරියත් එක්ව සිදුකර තිබූ ඉතා අලංකාරවත් ඡායාරූපයන් එකතුවක් අපට පසුගිය දිනවල සමාජ මාධ්‍යන් තුලින් දක්නට ලැබුණා.

පෙම්වතුන් යුවලක් මෙන් ඉතා ආදරණීය අයුරින් පෙනී සිට තිබූ එම සුන්දර ඡායාරූපයන් පෙළ ඔවුන්ට ආදරය කරන සුවහසක් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඔබ වෙත රැගෙන එන අප සිතුවා.

Related News

Comments

Leave a comment