Lak Derana News

උණුසුම් පුවත් · January 14, 2026 · 1 min read · 1 views

තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වේ.

ඒ තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීමටයි.

යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා ජනපතිවරයා සහභාගී වේ.

එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවය සඳහාද ජනපතිවරයා සහභාගි වීමට නියමිතයි.

ඒ මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදීයි.

‘තමන්ගේම තැනක් – ලස්සන ජිවිතයක්’ යන තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට (15) පැවැත්වීමට නියමිත වේ.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

එම ජනතාව අතරට යුද්ධය හේතුවෙන් තවමත් නිවාස අහිමිව සිටින උතුරු සහ නැගෙනහිර පළාත්වල පවුල් 2,500ක්ද ඇතුළත්.

මෙම වැඩසටහන යාපනය චාවකච්චේරිය, වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා.

ඒ , යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදීයි.

Related News

Comments

Leave a comment