Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 11, 2022 · 1 min read · 1 views

තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයි

පසුගිය වසරේ සිදු වූ ජාත්යන්තරයේ ම අවධානයට ලක් වුණු, කතාබහට ලක්වුනු සිදුවීමක් තමයි ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරිය කගේ හිස මත පැලඳවීමේ සිදුවීම.

එහිදී ඇයගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරියක ගේ හිස මත පැලඳවීම ට මූලික වූ කැරොලයින් ජූරි සමග එක්ව කටයුතු කළ ඇය පිළිබඳවයි අද අපි කතා කතා කරන්න සූදානම් වෙන්නේ.

ඇය නමින් චූලා පද්මේන්ද්රන්. නිරූපණ ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වන චූලා මේ වන විට සිය සැමියාගෙන් විවාහයෙන් වෙන් ව තම පුතු ද සමගින් තනිව කල් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුණේ.

එමෙන්ම ඔටිසම් නම් රෝගී තත්ත්වයට ගොදුරුව සිටින තම පුතුගේ අනාගතය සෑම අයුරකින්ම සාර්ථක කිරීමට වෙහෙසෙන ආදරණීය මවක වන ඇය කියා සිටින්නේ,

තම පුතුගේ රෝගී තත්ත්වය මුලින්ම දැනගත් මොහොතේ කුමක් සිදු කළ යුතුද යන්න සිතා ගැනීමටවත් නොහැකි ව මානසිකව කඩා වැටුණු බවත්,

එලෙස විවිධ අවශ්යතාවන් සහිත දරුවන් කොන් නොකර ඔවුන්ටත් අන් සියලූ දරුවන්ට මෙන් සියල්ල සඳහා සමතැන, සම අයිතීන් ලබා දිය යුතු බවත් ,

එවැනි දරුවන්ගේ දෙමව්පියන් වෛද්යවරුන් විසින් තවත් මානසිකව නොවට්ටා ඉදිරියට යෑමට සවියක් වන ලෙස කතා කළ යුතු බවයි.

ඒ වගේම විදේශයන්හිදී ඔටිසම් දරුවන් වෙන් කර හඳුනා ගැනීමට විශේෂ වූ පලඳනාවක් භාවිතා කරන බවත්, ලංකාව තුළ එවැන්නක් නොමැති බව පවසමින් ඇය කියා සිටින්නේ ලංකාව තුලද එවැනි දෑ සිදු කළ යුතු බවයි.

ඉතින් තම රුවෙන් ලොවක් ජය ගනිමින්, ශ්රී ලංකා නාමය ජාත්යන්තරයේ බැබල වීමට රුකුළු වූ සුරූපිනිය චූලා පද්මේන්ද්රන් ගේ සුන්දර ඡායාරූප එකතුවකුයි මේ.

Related News

Comments

Leave a comment