Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 01, 2022 · 1 min read · 1 views

තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්

වර්තමානයේ බොහෝ තරුණයන් අතර ජනප්රිය, බොහෝ තරුණයන් අනුකරණය කිරීමට උත්සාහ කරන ගායන ශිල්පියෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ.

ඔහු මේ වෙනකොට විවාහ වෙලා හුරතල් පුංචි පුතකුගේ ආදරණීය පියෙක් ද වන අතර ඔහු විවාහ වී සිටින්නේ සුරූපි, යොවුන් නිරූපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමඟ බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ.

සමාජ මාධ්යයන් තුළ නිතර දක්නට ලැබුණු, කතාබහට ලක්වුණු මේ යුවල එක්ව ලබාගත් ඡායාරූපයන් පසුගිය දිනවල වැඩිය අපට දක්නට ලැබුණේ නැහැ.

ඒත් සමගම බොහෝ දෙනා අතර කතා බහට ලක් වුනේ ඔවුන් දෙදෙනා වෙන් වී ඇති බවයි. මින් පෙර සමාජ මාධ්යන් ඔස්සේ මෙන්ම තම instagram ගිණුමේද නිතර ඡායාරූපයන් එක්කළ මේ සුරූපිනිය කලක් නිහඬව සිට පසුගිය දිනක නැවතත් ඡායාරූපයන් එක්කර තිබුනේ ප්රේක්ෂකයින් අතර නැවතත් කතාබහක් ඇති කරමිනුයි.

ඉතින් මේ සුරූපී නිරූපණ ශිල්පිනිය හසිනි විසින් ඇයගේ ඉන්ස්ටර්ග්රෑම් ගිණුමට එක් කර තිබුණේ ඇය ජනතා සේවයට කැප වෙන ඡායාරූපයන් පෙළ කුයි.

ඒත් සමගම ඇය ඡන්දය ඉල්ලීමට අදහසක් ඇතැයි රසිකයින් අතර රාවයක් පැතිරුණත් ඒ පිළිබඳව හසිනි කියා සිටියේ එවැනි කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව හා ඇයගේ සතුට වෙනුවෙන් ඒ සියල්ල සිදු කළ බවයි.

කෙසේ වෙතත් මින් පෙරද ඇය විසින් එවැනි සමාජ සත්කාරයන් රාශියක් සිදුකර ඇති අතර ඒවා මුහුණු පොතේ පළ කිරීමෙන් ප්රේක්ෂක ප්රසංසා ද බොහෝ ඇය විසින් හිමිකරගෙන තිබෙනවා.

බොහෝ ගීත රූප රචනාවන්හි සරාගී නිරූපිකාවක ලෙස රංගනයෙන් දායක වී ඇති හසිනි පසුගිය දිනක ඇයට ආදරය කරන බොහෝ ප්රේක්ෂකයින් සංවේදී කරමින් මුහුණු පොතේ සටහනක් එක් කර තිබුණා.එහි සඳහන් වූයේ,

“මගේ රත්තරන් පුතේ ..!!ඔයා තමයි දැන් අම්මගෙ එකම ශක්තිය.” ලෙසයි.

Related News

Comments

Leave a comment