Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 30, 2022 · 1 min read · 1 views

ජන්ම දිනය වෙනුවෙන් පාසල් දරුවන් දහසකට වයලීන් 1000 දුන් උතුම් හදවතක් ඇති කීර්ති පැස්කුවෙල් මහතා

රසික හදවත් තම කඩහටින් කුල්මත් කිරීමට සමත් අපේ රටින් බිහි වු සුවිශේෂි ගණයේ ගායන ශිල්පිනයෙකු වශයෙන් කීර්ති පැස්කුවෙල් මහතා හදුන්වන්නට පුළුවන්.

නිහතමානි හදවතක් හිමි මේ සොදුරු කලාකරුවාට ආදරය කරන රසික රසිකාවියන්ගේන් අඩුවත් නොමැති තරමට මේ සොදුරු ගායකයා රසික හදවත් දිනා ගැනිමට සමත් වුනා.

අපේ රටේ ඕනැම කෙනෙකු මොහුගේ ගායනා සියල්ල රසවිදින අතර ඒවා අගය කරන කරන්නට අමතක කරන්නේ නැ. ඉතාමත් උතුම් හදවත් හිමි මේ නිහතකමානි කලාකරුවා වඩාත් ජනප්‍රිය වන්නට තවත් හේතුවක් වුයේ,.

දෙරණ කාලිනාවේ විකාශය වන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නරඹන වැඩසටහනක් වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ විනිසුරුවරයෙකු වශයෙන් කටයුතු කරන නිසා වේ.

සියලුම තරගකරුවන්ට සාධාරණයක් ඉටුකරමින් සාධාරණ විනිශයක් ලබාදෙන මේ කලාකරුවා අගයන්නට බොහෝ දෙනා කටයුතු කරනු ලබනවා.

මනුසත්කම ඉතාමත් ඉහළින් පිරි කීර්ති පැස්කුවෙල් මහතා බොහෝ මිනිසුන්නට උදව් උපකාර කරන පුද්ගලයෙකු වන අතර නැති බැරි ඖනැම කෙනෙකුට දෙප‍ෙරක් නොසිතා උදව් උපකාර කරන්නට මෙතුමා කටයුතු කරනු ලබනවා.

මේ නිසාම කීර්ති පැස්කුවෙල් මහතා විසින් සමාජ සුබ සාධන සේවා ගණනාවක් මේ වන විට සිදු කර ඇති අතර ඉදිරියේදිත් සිදු කිරිමට නියමිතව සිටිනවා.

රසික හදවත් ආමන්ත්‍රණය කළ මේ සොදුරු ගායකයා පසුගිය 29 වන දින ජන්ම දිනය සැමරු අතර එම ජන්ම දිනය උතුම් කටයුත්තක් පෙරදැරිරගෙන සමරන්නට මෙතුමා කටයුතු කර තිබුනා.

ඒ සංගීත විශය හදාරන පාසල් දරුවන් 1000 දෙනෙකු සදහා වයලීන 1000ක් ලබා දීමට මෙහිදි කටයුතු කර තිබුනා.

කීර්ති පැස්කුවෙල් මහතාගේ ජන්ම දිනයට සුභ පැතුම් කරන ගමන් එතුමාගේ මේ උතුම් කාර්යයන් අගය කරන්නට ගමන් ප්‍රේක්ෂයන් ලෙස ඔහු ඉදිරියටත් කිරිමට නියමිත් මෙවන් වටිනා උතුම් කාර්යයන් ඉදිරියේදිත් සිදු කිරිමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Related News

Comments

Leave a comment