Lak Derana News

දේශිය පුවත් · January 07, 2026 · 1 min read · 1 views

ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ.

එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැසි අපේක්ෂා කෙරේ.

මේ අතර දිවයින හරහා පැ.කි.මී 50 – 60 අතර තද සුළං අපේක්ෂා කරන අතර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි බලාපොරොත්තු විය හැකි බවද මෙරිල් මෙන්ඩිස් පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවලින් නැවත දැනුම් දෙනතුරු වළකින ලෙසද ඒ මහතා දැනුම්දෙයි

Related News

Comments

Leave a comment