Lak Derana News

සයුරෙන් එහා පුවත් · January 16, 2026 · 1 min read · 1 views

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකඟ නොවන රටවලට තීරුබදු පනවනවා!

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ තම තීරණයට එකග නොවන රටවලට තීරුබදු පනවන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ ධවල මන්දිරයේ පැවති රැස්වීමකදීයි.

කෙසේ වෙතත් ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඇතුළු, අනෙකුත් රටවල් බෙහොමයක්ද ට්‍රම්ප්ගේ මෙම තීරණයට විරුද්ධ වී තිබේ.

ග්‍රීන්ලන්තය යනු, ඩෙන්මාර්කය විසින් පාලනය කරනු ලබන ස්වයංපාලන ප්‍රදේශයකි.

මේ අතර පෙරේදා දිනයේ සිට යුරෝපා රටවල භට පිරිස් ග්‍රීන්ලන්තයට පැමිණෙමින් සිටියි.

ඩෙන්මාක රජය පසුගියදා නිවේදනය කළේ ,ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව වෙනුවෙන් යුරෝපා රටවල සහයෝගයෙන් උපායමාර්ගික හමුදා නිරීක්ෂණ මෙහෙයුමක් සිදුකරන බවයි.

ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍ය යන රටවල කුඩා හමුදා කණ්ඩායම් එම මෙහෙයුමට දායක වන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

අදාළ මෙහෙයුම ප්‍රබල දේශපාලන සංඥාවක් බවත්,ඒ හරහා නේටෝ සංවිධානය ග්‍රීන්ලන්තය වෙනුවෙන් පෙනී සිටින බව අමෙරිකාවට පෙන්වා දෙන බවත්, ප්‍රංශ බලධාරීන් පවසයි.

Related News

Comments

Leave a comment