Lak Derana News

උණුසුම් පුවත් · May 29, 2025 · 1 min read · 1 views

කොළඹට හැමූ තද සුළඟින් ගස් කඩාවැටෙයි

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ.

කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකිවිය.

ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී තිබූ බවය.

Related News

Comments

Leave a comment