Lak Derana News

දේශිය පුවත් · October 01, 2025 · 1 min read · 1 views

එන්නත් කටු නෑ – වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරක

kidney

වකුගඩු රෝගීන් සඳහා භාවිතා කරන AVF needle රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද ශුන්‍ය මට්ටමක පවතින බැවින් වකුගඩු කාන්දු පේරණය සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව මෙරට වකුගඩූ රෝගීන්ට ලබා දෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු නොමැති තත්ත්වය දැනට මාස කිහිපයක සිට රෝහල් පද්ධතිය තුළ උග්‍ර තත්ත්වයට පත්වෙමින් පවතින බවයි එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා ප්‍රමාණවත් සහ කාර්යක්ෂම ලෙස මැදිහත් නොවීම මත රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කල් ඇතුව පුරෝකථන කොට වැඩි සමාගම් ප්‍රමාණයකට ඇනවුම් ඉදිරිපත් කිරීමට හැකිවන අන්දමට වෛද්‍ය සැපයුම් ක්‍රියාවලියස් කාර්යක්ෂම කර ගැනීමට මේ දක්වා අසමත් වීම නිසා දිවයිනෙ රෝහල් රැසක විවිධ ඖෂධ, ශල්‍ය ගෝස් පුළුං, රසායනාකාර පරීක්ෂණ සේවා, විකිරණ තාක්ෂණ සේවා හරහා සෞඛ්‍ය සේවා ලබා ගැනීමට රෝගීන් පීඩාවට පත්වන බවත් ඔහු සඳහන් කරනවා.

මේ අතර වකුගඩු රෝගීන්ගේ ගැටලුව උග්‍ර වීම නිසා එම රෝගීන්ට ඉතා විශාල මුදලක් දැරීමට සිදුවන බවත්, රාජ්‍යයන් අතර සාකච්ඡා මගින් හෝ මේ තත්ත්වය විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උනන්දු විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

Related News

Comments

Leave a comment