Lak Derana News

අහුලගත්ත ගොසිප් · December 19, 2021 · 1 min read · 1 views

“එක දේශපාලන පක්ෂයක් කඩාගෙන තව කට්ටියක් හැදෙනවා.” ගිහාන් ප්‍රනාන්දු මහතා

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ  බිහි වූ සුවිශේෂී ගණයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වශයෙන්  ගිහාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නට පුළුවන්.

වේදිකාව මතත් පුංචි තිරය තුළත්  රංගන ප්‍රතිභාව පෙන්නුම් සුවිශේෂී ගණයේ කලාකරුවන් අතර  ගිහාන් ප්‍රනාන්දු මහතාද  සිටිනවා.සම්මානනීය රංගන ශිල්පියෙකු වන මෙතුමාගේ රංගනයට ආදරය කරන රසික රසිකාවියන් එදා වගේම අදටත් විශාල වශයෙන් දැක ගන්නට පුළුවන්.

අපේ රටේ සිටින කලාකරුවන්ට අද සමාජය තුළ ඔවුන්ට ලැබී ඇති තත්ත්වයත් , වර්තමානයේ රටේ පවතින දේශපාලන කරුණු කලාවට බලපාන ආකාරය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් හා එක්වෙමින් ගිහාන් ප්‍රනාන්දු මහතා කරුණු විමසීමට ලක් කරන ලද අතර,

ඔහුගේ එම මාධ්‍ය සාකච්ඡාව බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කරුණක් බවට පත්වුණා. එහිදී වත්මන් ආණ්ඩුවත් එහි පාලකයන් පිළිබඳ කරුණු රාශියක් සාකච්ඡාවට බඳුන් කරන්නට ගිහාන් ප්‍රනාන්දු මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කටයුතු කරනු ලැබුවා.

උපුටා ගැනීම

දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා කිව්වට මම හිතන්නේ එකයි තියෙන්නේ. ඒ එකේම මූණු ටික එහෙට මෙහෙට මාරුවෙන එක විතරමනෙ පහුගිය කාලෙ වුණේ. එක දේශපාලන පක්ෂයක් කඩාගෙන තව කට්ටියක් හැදෙනවා.

මම කියන්නේ මේ අවුරුදු 5 යන්න දෙන්න. මේ අවුරුදු 5 විඳින්න දෙන්න. ඒ කියන්නේ මේ අවුරුදු පහ ඉවර වෙද්දී මට සැකයක් තියෙනවා සමහර පිටරටවලට වුණා වගේ මිනිස්සු පාරට බැහැලා සමහර වාසගම් තියෙන මිනිසුන්ට ගහයි කියලා. මේ යන විදියටම ගියොත්.

උපුටා ගැනීම අවසන්

රටේ පවතින අද තත්වය හමුවේ මිනිසුන්ට වන අසාධාරණ, කාලාකරුවන්ට අද සමාජය තුළ හිමි ඇති ඉඩකඩ සියල්ල දේශපාලනීකරණය වී ඇති ආකාරය යන කරුණු වැඩි දුරටත් විමසීමට ලක් කරමින් ගිහාන් ප්‍රනාන්දු මහතා තම අදහස් ගොන්නක් මේ සාකාච්ඡාවේදී පවසා තිබුනා.

Related News

Comments

Leave a comment