එක්වරම රන් මිලෙහි පහත වැටීමක් – නව මිල ගණන් මෙන්න

ඊයේ (17) දිනට සාපේක්ෂව මෙරට රත්‍රං මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් ඇත.
ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසයි.
එමෙන්ම මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් පවසනවා.
