Lak Derana News

අහුලගත්ත ගොසිප් · May 03, 2022 · 1 min read · 1 views

එකම දවසේ එකම මොහොතක මගුල් කාපු ආදරණීය යුවල් 5 කතාව මේකයි

ආදරය කියන්නේ සොදුරු හැගිමක් වසර ගණනාවක් පුරාවට ආදරය කරන පෙම්වතුන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ විවහා වෙලා එක වහලක් යටට යැමයි.

ඉතින් වසර ගණනාවන් බලා ඉදලා දෙමාපියන්ගේ පවුලේ අනෙකුත් සමාජිකයන්ගේ ආශිර්වාදය මැද විවාහ දිවියට යාම එකම අරමුණ වනවා. සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකුට නිරන්තරයෙන්ම සුන්දර විවාහක යුවල් වල ඡායාරූප දක්නට ලැබෙනවා.

විවිධාකාරයෙන් සුන්දර ලෙස ලබා ගත් එම විවාහ උත්සව වල ඡායාරූප අපට සැම දිනකම පාහේ දක්නට ලැබෙන නමුත් මේ දින වල බොහෝ දෙනෙකු කතා බහට ලක් කරන සාමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සුන්දර විවාහ උත්සවයක ඡායාරූප කිහිපයක් දැක ගන්නට ලැබුනා.

අනෙකුත් විවාහ උත්සව වල ඡායාරූප වලට වඩා එම විවාහ උත්සවයේ ඡායාරූප විශේෂ වුනේ පෙම්වතුන් යුවල් 5කගේ විවාහය එකම දිනක සිදු කිරීම සම්බන්ධයෙනි. එම විවාහක පෙම්වතුන් හා පෙම්වතියන් අනෙකුත් අයට වඩා විශේෂ වුයේ ඔවුන් 10 දෙනාම කථන හා ශ්‍ර‍වණ ආබාධ වලින් යුක්ත අය වීමයි.

බණ්ඩාරවෙ ප්‍රදේශයේ මෙම අපුරු විවාහ උත්සවය ආරංචි වන අතර එකම හෝටලයක මේ යුවල් 5 විවාහය සිදු කර තිබුනා. අබාධිත වුවත් ආදරයෙන් ජයගත් ඔවුන් දෙමාපිය ආශිර්වාදය මැද්දේ යුග දිවියට පිය නැගු අතර ඔවුන් සියලු දෙනාටම ඔවුන්ගේ ජිවිතය සාර්ථක ලෙස ඉදිරියට රැගෙන යාමට හැකි වේවා යැයි අපි ඔවුන්ට හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

Related News

Comments

Leave a comment