Lak Derana News

අහුලගත්ත ගොසිප් · September 29, 2025 · 1 min read · 1 views

උස්සපු වෑන් රථය උකස්කර යතුරුපැදියක් මිලදී ගෙන, පෙම්වතිය එක්ක ජෝඩු දාලා රවුම් ගහද්දී පෙම්වතාට වෙච්ච දෙයක්

police

70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් සොරකම් කර එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුනා.

මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු රාත්‍රී ඩී.එස්. සේනානායක වීදියේ පවත්වාගෙන යනු ලබන වාහන අලෙවිසලකට පසුගිය 22 වැනි දින රාත්‍රී කාලයේ ඇතුළු වී ටොයටා නෝහා වර්ගයට අයත් වෑන් රථයක් සහ ඊට අදාළ ලියකියවිලිද වාහන අලෙවි සැලෙන් සොරා ගෙන ගොස් තිබෙනවා.

සැකකරු එම වෑන් රථය මාතලේ පල්ලේපොල ප්‍රදේශයේ උගස් කරුවෙකුට රුපියල් ලක්ෂ 15 ක මුදලකට උගස් කොට එම මුදලින් නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන ඔහු සේවය කළ අවන්හලේම සේවයේ නියුතු යුතු පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුනා..

Related News

Comments

Leave a comment