Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 19, 2022 · 1 min read · 1 views

උණුසුම් ඡායාරූපත් සමඟින් වික්ටර් රත්නායකගේ සු’ රූපී බිරිඳ දැමු සටහන

පෙබරවාරි 18 වැනි දින තමයි මේ ආදරණීය කලාකරුවාගේ 80 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ. ඔහු නමින් වික්ටර් රත්නායක යි.

වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ඉතිහාසයේ දක්නට ලැබෙන උගත් දක්ෂ අසහාය සංගීතඥයෙකු බව නොරහසට කරුණකි.

ඔන්න ඉතින් වික්ටර් රත්නායකයන්ගේ හැමෝම දන්න බිරිඳ විසින්, වික්ටර් රත්නායකයන්ගේ උපන් දිනයට සුභපතමින් අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට ද තිබෙනවා.

ඉතින් ඒ අපූරු සටහනේ මෙන්න මේ වගේ කථාවක් තමයි තිබුණේ. “සංගීත ලොකයේ මා කුඩා කල ඇසුරු කල මගේ වීරයා නුඹයි. ඔබේ ළයාන්විත තේජාන්විත හඬ මගේ ළමා මනස හා ආත්මය සුවපත් කලාය.

කුඩා කල මගේ ලෝකයේ වීරයා අද වන විට මගේ ජීවන ගමනට අත්වැලක් වන්නට වී තිබෙන අපූරුව ගැන මොනවට කියනවද?. මම එදා සිහිනෙනුදු නොසිතුවෙමි එවන් දෙයක්.

ඔබ මට ගෞරව සම්ප්‍රයුත්ක වැඩිහිටියෙකු පමණක් නොවේ. ඔබේ උතුම් චරිතය වසා පවතින්නා වූ මනුසත් බාවය මෘදු හා සෞම්‍යය බව මා තුළ ඉමහත් පෙරලියක් කර ඇති සේ ය.

මගේ ජීවිතයට ඉමහත් ආරක්ෂාවක් සෙවණක් සිසිලක් පතුරුවාලන ඝන සෙවනැල්ලෙන් යුක්ත මහා වනස්පතියක් ලෙසින් මම ඔබව දකිමි.

ඔබ සුසර කරනා කලාවේ තත් මා ද ඇතුළු පොදු මහත් ජනයාගේ මනදොල සපුරා තෙවැනි ඇසක් විවර කරනා මහා ප්‍රඥාවක් බැව් මට පසක් වන්නේ ඔබේ මියුරු හඩින් නින්නාද වන සුභාවිත ගීතයක අපූරු රිද්මය තුලිනි.

ඔබේ සෙවන යට සිසිලස ලැබීමට තරම් මා කෙතරම් භාග්‍යවන්ත ද කියා මට පසක් වේ. එවිට මගේ සිත ඉමහත් ප්‍රීතියෙන් හා විශ්මයෙන් පුරවාලයි.

ජීවිතේ අසීරු අවස්ථාවන් හි ද නොසැලී සිටීමට මට ඉමහත් අත්වැලක් වන්නේ ද නුඹ ය. බෙහෝ තැනැත්තන් හමුවේ. එහෙත් අපේ දිවියට ඒ අතුරින් සදා අමරණීයව පවතින්නේ අතලොස්සකි.

එවන් සුවිසල් ලොවක් තුළ ඔබගේ මහා සෙනෙහස හා ලබැදි බව ලැබීමට තරම් මා වාසනාවන්ත වූයේ දිනක ඔබ කියූ ආකාරයටම පෙර භවයක හමු වී ඇති නිසාම වෙන්නට ඇති කියා මට සිතේ.

ජීවිතය වර්ණවත් කලෙත් රසාලිප්ත කලෙත් ඔබ ය. ඔබ ඇසුරේ සෙවණ ලැබුමෙන් පසු මගේ ජීවිතය එතරම්ම වෙනස් වූ බවත් සුවපත් වූ බවත් අනිවාරයෙන්ම කිව යුතුයි.

මගේ ජීවිතේ අත්වැල වූ නුඹට, මගේ ආයුෂත් රැගෙන ඔබ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වෙසනු දැකීම මගේ එකම පැතුමයි. සුභ උපන් දිනයක් වේවා! යි මා පතමි අවංකව හද බැතියෙන්ම. ඔබට තෙරුවන් සරණයි!”, යනුවෙනි.

Related News

Comments

Leave a comment