Lak Derana News

ව්‍යාපාරික පුවත් · October 01, 2025 · 1 min read · 1 views

ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් – ණය මුදල් ද ඉන්දියානු රුපියල් වලින්

india rupee

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත.

ඒ, අනුව ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්.

න්දීය මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණන් මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අතර සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

Related News

Comments

Leave a comment