Lak Derana News

සයුරෙන් එහා පුවත් · January 17, 2026 · 1 min read · 1 views

ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක් හමුවෙයි..

ඇන්ටාක්ටිකාව වසාගෙන ඇති දැවැන්ත අයිස් තට්ටුවට පහළින් සැඟවී ඇති භූමියක් හඳුනාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පර්යේෂක කණ්ඩායම නවතම අධිවිභේදන චන්ද්‍රිකා යොදාගනිමින් මෙම නව භූමිය සොයාගෙන ඇති අතර, එහි ලැබුණු තොරතුරු පදනම්කරගෙන වඩාත් සවිස්තරාත්මක සිතියමක් ඔවුන් විසින් සකස් කර තිබෙනවා.
අදාළ චන්ද්‍රිකා දර්ශන තුළින් මෙම භූමියේ දස දහස් ගණනක කඳු, පාෂාණ, නිම්න සහ තැනිතලා යනාදියෙන් සමන්විත ප්‍රබෝධමත් භූ දර්ශනයක් අනාවරණය කරගැනීමට පර්යේෂක කණ්ඩායමට හැකිව ඇත.

ඒ අනුව මෙම දත්ත පදනම් කරගනිමින් අනාගතයේදී සිදුවන මුහුදු මට්ටම ඉහළ යාම් සහ දේශගුණික විපර්යාස පිළිබඳ අනාවැකි පළකිරීමට හැකි බව ඔවුන් සදහන් කරනවා.

Related News

Comments

Leave a comment