Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 13, 2022 · 1 min read · 1 views

ආදරණීය සැමියා පවුලේ අය සමග 27වෙනි විවාහ සංවත්සරය සැමරුවේ සේමිනී

බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “Yes බොස්” ප්රහසන ටෙලි නිර්මාණයෙහි “රෝෂිණී” නම් ප්රධාන චරිත නිරූපණය කළ ඇයව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු වන්නේ නැහැ.

වසර විස්සකට අධික කාලයක් ටෙලි නිර්මාණයෙන් මෙන්ම සිනමා නිර්මාණයෙන් ද ප්රේක්ෂක හදවත් තුළට ආමන්ත්රණය කළ ඇය අති දක්ෂ, ජනප්රිය, ප්රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ යි.

පැණි මකුළුවෝ,යකඩ පිහාටු,සේයා…වැනි අතිවිශාල ප්රේක්ෂක ආදරයක් දිනාගත් සිනමා නිර්මාණයන් රාශියක් තුලින් මෙන්ම yes බොස්… වැනි ටෙලි නිර්මාණයන් රාශියක් තුළින්ද ඔබගේ ආලින්දය හැඩ කළ ඇයගේ රංගන කෞෂල්ය පිළිබඳව පැවසීමට ඊටත් වැඩිය උදාහරණ අවශ්ය වන්නේ නැහැ.

විටෙක සිනහ වෙනු ත්, විටෙක කඳුළෙනුත් ප්රේක්ෂක හදවත් ස්පර්ශ කළ ඇය ඒකාකාරී චරිතයන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයන්ට ජීවය එක්කල රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඉතින් රිදී තිරයටත්, පුංචි තිරයටත් නැතිවම බැරි මේ අති දක්ෂ, ප්රවීණ රංගන ශිල්පිනිය සේමිණි ඉද්දමල්ගොඩ පසුගිය දිනෙක සිය සැමියා හා නෑදෑ හිතමිතුරන් කිහිපදෙනෙක්ද සහභාගී කර ගනිමින් තම දිවියේ ආදරණීය, සුන්දරතම දිනය වන

අතිනත ගත් දිනයට වසර විසි හතක් සපිරිමේ සතුට නිමිති කර ගනිමින් සාදයක් සංවිධානය කර තිබුණා.

ඉතින් ඔවුන්ගේ 27 වෙනි විවාහ සංවත්සර සාදයේ සුන්දර ඡායාරූප, මතක සටහන් ලබා ගැනීමටත් ඔවුන් අමතක කර තිබුණේ නැහැ. ඉතින් ඒ ආදරණීය සුන්දර අවස්ථාව ආකර්ෂණීය අයුරින් කැමරා කාචයට හසුකර ගෙන තිබුණේ,

කැමරා කරන ශිල්පයෙන් ප්රමුඛ පෙළේ නාමයක් දිනා සිටින අති දක්ෂ, ජනප්රිය ඡායාරූප කරන ආයතනයක් වන “golden eye productions” ආයතනය විසිනුයි.

ඉතින් ඔබ සැම බෙහෙවින් ආදරය කරන මේ අති දක්ෂ, ජනප්රිය, ප්රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩට සුබ ප්රාර්ථනා එක් කරමින් එදින ලබාගත් සුන්දර ඡායාරූප පෙළ කුයි අපි අද ඔබ වෙත රැගෙන ආවේ.

Related News

Comments

Leave a comment