Lak Derana News

අහුලගත්ත ගොසිප් · March 08, 2022 · 1 min read · 1 views

අවුරුදු ගානක් ආදරේ කරපු එයා මාව දල ගියා

මේ දිනවල වැඩිය දක්නට නොලැබුණත් පුංචි තිරය තුල බොහෝ දෙනෙකුගේ ආදරය දිනා සිටින සුරූපි, යොවුන් රංගන ශිල්පිනියක් තමයි පබසරා මධුෂානි කියලා කියන්නේ.

ටෙලි නිර්මාණ ගණනාවක් හරහා තම රංගන දක්ෂතාවයන් ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වා ඇති ඇය වැඩිපුර ජීවත් වෙන්න කැමති ලංකාවේ නොව කොරියාව වැනි විදේශ රටවල බවයි කියා සිටියේ.

ඉතින් ඒ පිළිබඳව ඇය කියන්නේ යම් කිසි දවසක කලාවෙන් ප්‍රතික්ෂේප වීමක් සිදු වුවහොත් නොකියාම ගොස් විදේශ රටක පදිංචි වීමට වුවත් හැකි බවයි.

ඒ වගේම නොකල වැරදකට දඬුවම් ලැබෙන සෑම අවස්ථාවකම වරදක් නොකලොත් කුමන හෝ අවස්ථාවක සාධාරණය ඉෂ්ට වෙනවා යන කර්මය විශ්වාස කර නිහඬව බලා සිටින බවයි පබසරා කියා සිටියේ.

ඒ වගේම අති විශාල ජනාදරයක් හිමි වුවත් කිසි විටෙක දේශපාලනයට පිවිසීමට අදහසක් නොමැති ඇය වර්තමාන දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව මහත් කලකිරීමෙන් පසුවනවා කිව්වොත් වැරදියි.

ඒ නිසාම ඇය කියා සිටින්නේ කන්න බොන්න නැතුව හිටියත් දේශපාලනය නම් තෝරා නොගන්නා බවයි. ඉතින් ඒ වගේම ප්‍රේමයට සාපේක්ෂව විරහව විද නොමැති කෙනෙක් හොයාගන්න නැති තරම් කිව්වොත් මම නිවැරැදියි කියා හිතනවා.

ඒ වගෙම පබසරා කියලා කියන්නෙත් විරහව විද ඇති ,විරහව නිසා බොහෝ සෙයින් කඩාවැටී ඇති රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

වසර හයක් වැනි දීර්ඝ කාලයක් පුරාවට විදි ප්‍රේමය විරහවක් වූ විට ඇය කියා සිටියේ අදටත් එම අතීතය මතකයට නැගෙන වාර අනන්තව ඇත්තන් හිතින් මකාදමන්න යමක් ඇත්නම් ඒ එම ප්‍රේමය සමඟ ගත කළ කාලය බවයි.

ඒ වගේම එම වසර හය පුරාවට ඇය කළ ප්‍රේමයක් ඇතත් ඇය ලද ප්‍රේමයක් නොමැති බවයි පබසරා කියා සිටියේ.

හිමිවීම් ,අහිමිවීම් මැද සියල්ල අනිත්‍යයි යන පොදු ධර්මතාවයට අකමැත්තෙන් වුවත් හිස නමන්න සිදුවන බව දන්නා නිසාම සියල්ල සම සිතින් විඳ දරා ගනිමින් බුදු දහමට අනුකූලව ජීවිතයට මුහුණ දෙන මේ අති දක්ෂ, සුරූපී, යොවුන් රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related News

Comments

Leave a comment