Lak Derana News

අහුලගත්ත ගොසිප් · March 25, 2022 · 1 min read · 1 views

අම්මයි තාත්තයි අසල්වැසි අයට කියලා තිබුණා අද පුතාගේ ටෙලි නාට්‍ය යනවා බලන්න කියලා

මේ දිනවල තරුණියන් අතර වඩාත් ආකර්ෂණීය කඩවසම් චරිතයක් ලෙස ජනප්‍රියත්වයට පාත්‍ර වූ යොවුන් රංගන ශිල්පියෙකු වශයෙන් දිලුම් හඳුන්වන්නට පුළුවන් වන අතර,

දෙරණ නාලිකාවේ විකාශය වන ධරණී ටෙලිනාට්‍ය තුළ මෙන්ම හිතුවක්කාරී ටෙලි නාට්‍යය තුළ නාට්‍යය තුළ ද රංගන දායකත්වය ලබාදෙන මෙම කඩවසම් රංගන ශිල්පියා තවමත් විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථියෙක් වනවා.

උසස් අධ්‍යාපන කටයුතු පමණක් නොව රංගන කටයුතු නිසාත් මේ වන විට ඉතාමත් කාර්යබහුල වී ඇති බොහෝ පසුගිය දිනක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් ඔහුගේ අලුත්ම තොරතුරු පවසා තිබුනා.

රූපවාහිනී නාලිකාවේ විකාශය වූ නෑනාලා ටෙලි නාට්‍යය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ රංගන දායකත්වය ලබා දීමට ඔහුට හැකි වූ අතර

ඔවුන්ගේ සහයෝගය ඇතිව ඉතාමත් හොදින් ඔහු චරිත නිරූපණය සිදු කරනු ලැබුවා. නමුත් මේ දිනවල විකාශය වන හිතුවක්කාරී ටෙලි නාට්‍යය තුළ ඔවුහු බිය දක්වනු චරිතයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවන බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

මුල් කාලයේදී රංගන කටයුතු සඳහා තමන් යොමු වීම සම්බන්ධයෙන් ගෙදරින් වැඩි කැමැත්තක් නොතිබූ බවත් තමන් රංගනයෙන් දායක වූ පළමු ටෙලි නාට්‍ය විකාශනය වීම සම්බන්ධව තමන්ගේ මව සහ පියා සල් වැසියන්ටද වැසියන්ට ද ඒ බව කියූ ආකාරය අදටත් ඔහුට මතක් වෙන බවත් ඒ සම්බන්ධයෙන් ඔහු ඉතාමත් සතුටු වන බවත් මෙහිදී කියා සිටියා.

රංගන ක්ෂේත්‍රයට පිවිසියේ ඔහු තුළ ඇති රංගන ආශාව නිසා බවත් තමන් කැමති ක්ෂේත්රය තුළ ඉදිරි කටයුතු කර ගනිමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට කටයුතු කරනු ලබන බවත් පවසා සිටියා.

රංගනය තුළින් ඉදිරියට යමින් චරිතාංග නළුවෙක් වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් දිලුම් වැඩිදුරටත් කියා සිටියා විස්තර ලබා ගැනීම හදගැස්ම ඇසුරිනි

Related News

Comments

Leave a comment