Lak Derana News

ගොසිප් පුවත් · January 24, 2026 · 1 min read · 1 views

අනියම් ජෝඩුවට හොදටම නෙළලා, නියම් නෝනාට අවසානේ අත් වූ ඉරණම

  1. පාදුක්ක, දේවාල පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ කාන්තාවක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

    තම සැමියා වෙනත් කාන්තාවක සමග අදාළ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති සැකකාරිය, එම ස්ථානයට ගොස් මෙම පහරදීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

    පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා මූලික ප්‍රතිකාර සඳහා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

    අදාළ අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Related News

Comments

Leave a comment