ක්‍රීඩා පුවත්

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී

ඉන්දීය තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යූසූෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.ඔහු ඊයේ ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

38 හැවිරිදි යූසූෆ් පතාන් 2008 වසරේ ඉන්දියාව වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් අතර ඔහු එක්දින තරග 57 කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබේ.එහිදී එක්දින ලකුණු 810 ක් රැස් කර ගෙන ඇති පතාන් දවා ගෙන ඇති එක්දින කඩුලු සංඛ්‍යාව 33 කි.2007 වසරේ දී විස්සයි විස්ස වරම් දිනා ගත් ඔහු විස්සයි විස්ස තරග 22 කදී ඉන්දීය කණ්ඩායම නියෝජන කරමින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 236 කි.විස්සයි විස්ස කඩුලු 13 ක් ද පතාන් විසින් බිඳහෙලා තිබේ.

මේ අතර 2007 විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට තරම් යූසූෆ් පතාන් වාසනාවන්ත විය.සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කරමින් ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඔහුට සහයෝගය දුන් සහ ආදරය කළ සියලූමදෙනාට ස්තූතිය පුද කරන බවය.

Back to top button