දේශීය පුවත්

ලබන අප්‍රේල් වෙනකොට කොවිඩ් ආසාදනය වීම්, සියයට 30කින් පහළට

හොඳ වෛද්‍ය ප්‍රතිකාර හා ඔක්සිජන් සැපයීම වැඩි දියුණු කිරීම මත සිදු වන දේ..

 

වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කළ සමීක්ෂණයකින් සියල්ල හෙළි වෙයි..

 

මේ වෙනකොට කොරෝනා වෛරසය තදබල ලෙස ලොව වටා බොහෝ රටවල්-වලට පහර දෙමින් සිටිනවා. එයිනුත් වැඩිම බලපෑමක් එල්ලව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

 

ශ්‍රී ලංකාවේද දෙවැනි රැල්ලේ ආරම්භයත් සමඟ කොරෝනා මරණ ගණන 50 ඉක්මවා ඇති අතර ආසාදිතයින් සම්පූර්ණ ගණන 16, 000 ඉක්මවා ගොස් තිබෙනවා.

 

මේ අතර, කොරෝනා මැඩලීම සඳහා අත්හදා බැලෙන, එන්නත් කිහිපයක් අතරින් එක් එන්නතක් සාර්ථක ප්‍රතිඵල (92%ක්) ලබා දෙමින් පවතින බව පසුගිය දිනෙක අනාවරණය වුණා.

 

කෙසේ වෙතත්, ලබන අප්‍රේල් මාසය වන විට කොරෝනා ආසාදනය වීම් සියයට 30කින් අඩුවන බව අලුත්ම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. මෙම විමර්ශන වාර්තාව සකස් කර ඇත්තේ, ඇමරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයයි.

 

හොඳ වෛද්‍ය ප්‍රතිකාර හා ඔක්සිජන් සැපයීම වැඩි දියුණු කිරීම මත මෙසේ කොරෝනා තර්ජන අඩුවන බවයි එමඟින් සඳහන් කර ඇත්තේ.

 

මේ වනවිට ඇමරිකාවේ කොරෝනා ආසාදනය වීම සියයට 0.6 ක් දක්වා අඩුවී ඇති බව එම විමර්ශන වාර්තාවේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button