තරු හුට පට

ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අත්අඩංගුවට

ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි ව කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඇය සමග චුලා පද්මේන්ද්‍ර වද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගෙන ඇති බවය.

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය නෙළුම් පොකුණ රඟහලේ දී පසුගියදා පැවැත්වුණු අතර එහි ජයග්‍රාහී කිරුළ හිමිවූයේ පුෂ්පිකා ද සිල්වාටය.ඇයට කිරුළ පැලඳවූයේ ලෝක විවාහක රූ රැජින ලෙස පසුගිය වසරේ තේරී පත් වූ කැරොලයින් ජූරි විසිනි.නමුත් ජයග්‍රහණයේ උණුසුම අතරේම කැරලොයින් ජූරි ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, කිරුළ හිමි වූ පුෂ්පිකා ද සිල්වා දික්කසාද වූ තැනැත්තියක් වන බැවින් කිරුළ හිමිවන්නේ දෙවන ස්ථානය හිමිවූ තරඟකාරියට බවය.

ඒ අනුව කැරොලයින්, පුෂ්පිකාට පැලඳවූ ජයග්‍රාහී කිරුළ ඇගෙන් ඉවත්කර තරගයේ දෙවන ස්ථානය දිනාගත් ආශියා බස්නායකට පැලඳවිය.

මේ අතර ඉකුත් 6 වනදා කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවේ තමා දික්කසාද වී නොමැති බවය.එම සිදුවීමෙන් අනතුරුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 6 වනදා කැරොලයින්ව කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබුණි.මේ අතර එම විවාහක රූ රැජින තරගයේ සංවිධායකයින් පැවසුවේ ජයග්‍රාහි කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබාදීමට කටයුතු කළ බවය.

Leave a Reply

Your email address will not be published.

Back to top button