Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

පාසල් ආරම්භ කළ පසු කටයුතු කෙරෙන ආකාරය

එළඹෙන 23වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත පාසල්වල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉගැන්වීම් කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 6 සිට13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ පසුබිම සකස්කිරීමේ වගකීම් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.

විදුහල්පතිවරයා විසින් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරී, ග්‍රාම නිලධාරී, පාසැල් සංවර්ධන සමිති නියෝජිතයෙක් සහ ආදීශිෂ්‍ය නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ගතයුතු බවද කමිටු නිර්දේශ අදාළ අධ්‍යාපන කලාප භාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යොමු කළයුතු බවද එම නිවේදනයේ දැක්වේ.

සෞඛ්‍ය උපදෙස් අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වනදා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භ කිරීමට අද (19) තීරණය කෙරුණි.

සෙසු පළාත්වලද දැනට හුදකලා කර ඇති ප්‍රදේශ තුළ පිහිටා ඇති පාසල් තවදුරටත් විවෘත නොකෙරෙනු ඇත.

එමෙන්ම 1 සිට 05 දක්වා ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට ද සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රායෝගික තත්ත්වය මත ඔවුන් වෙනුවෙන් ද පාසල් ආරම්භ නොකිරීමට තීරණය විය.

දිවයිනේ 6 සිට 11 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 6,257ක් පවතී. එම පාසල් අතර පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 15ට අඩු පාසල් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 28.6%කි.

සිසුන් සංඛ්‍යාව 16 සිට 30 දක්වා වන පාසැල් 43.6%ක ප්‍රතිශතයක් වේ. 12, 13 ශ්‍රේණි සඳහා පන්ති පැවැත්වෙන පාසැල් 2,898ක් පවතී.

එම පාසැල්වල පන්තියක සිසුන් 15ට අඩු පාසැල් ප්‍රතිශතය 53.4%කි. සිසුන් 16 සිට 30 දක්වා පන්ති පැවැත්වෙන පාසැල් ප්‍රතිශතය 36.7% කි

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago