තරු හුට පට

මගේ ඇග ගැන කවුරුත් වද වෙන්නේ ඇයි, මම ටැටූ කලේ මගේ ඇඟේ-කාවින්ද්‍යා අධිකාරී

සමිතා මුදුන්කොටුවගේ එකම දියණිය වන කාවින්ද්‍යා අධිකාරී කියන්නෙත් අපේ රටේ සිටින ප්‍රසිද්ධම චරිතයක්. සමිතා ගැන වගේම කාවින්ද්‍යා ගැනත් කාලෙන් කාලෙට විවිධ කතා බහ ඇති වෙනවා. මව සහ පියා වගේම ඇයත් කල අක්ෂේත්‍රය තුල නමක් දිනාගෙන සිටින චරිතයක්. මේ විදියට ඔවුන් ගැන කතා බහ වෙද්දී පසිගිය කාලයේ වැඩිපුරම කතා වුනේ කාවින්ද්‍යාගේ ලස්සන ටැටූ විලාසිතාව ගැන. අපිට දැනගන්න ලැබුණු විදියට දැනට ටැටූ නවයක් විතර කරලා තියනවලු. කාවින්ද්‍යා විතරක් නෙවෙයි සමිතාත් ඒ විදියට ලස්සන ටැටූ එකක් කරලා තිබුනා. කොහොම වුනත් මේ දේවල් ගැන විවිධ ඇයගේ මත වෙනස්. ඒ විදියට මත දරන පිරිස් විසින් එක එක කතා කියලා තිබුනා. නමුත් සමිතාගේ පවුලේ හැම කෙනෙකුම කියන්නේ කවුරුත් කියන අනවශ්ෂ්‍ය කතා නම් ගණන් ගන්නේ නැහැ කියලා. ඉතින් පසුගික කාලයක ඒ විදියට කාවින්ද්‍යා විසින් අදහස් දක්වලා තිබුනේ මේ විදියට.

1
සමාජයේ සිටින ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුලුවන්. කතා හදන්නත් පුලුවන් නමුත් කණගාටුවට කරණය වෙන්නේ බොහෝ අය එහෙම කතා හදන්නේ ඇස් දෙකට දැකලා නෙවෙයි. තව කෙනෙක් කියපු දෙයක් නිසා රැල්ලට කතා හදලා සතුටු වෙන පිරිසක් සමාජයේ ඉන්නවා. බොහොම සුලු පිරිසක් තමයි ඒ විදියට ඉන්නේ. කලාව කියලා ගත්තම ඒක රඟපම, නර්තනය, සංගීතය කියන දේ විතරක් නෙවෙයි. හැම දෙයක්ම ගත්තම කලාවක් විදියට තමයි අපි කරන්නේ. ඒ වගේ ලස්සන කලාවක් තමයි ටැටූ කියන්නේ. ඒකත් ඉතින් අපේ රටේ සමහර මිනිස්සු දකින විදිය හරිම වෙනස්.

අනික මම ඒවා කරලා තියෙන්නේ මගේ ෂරි රයේ ඒ නිසා එක අනිත් අයට ප්‍රශ්නයක් වෙනවා ඇති කියලා මම හිතන්නේ නැහැ. විශ්ෂයෙන් මගේ පවුලේ අයට එක ප්‍රශ්නයක් වෙන්නෙත් නැත්නම් අපි ගැන දන්නෙවත් නැති දැකලවත් නැති සමහර අයට තියන ගැටලුව මොකද්ද කියලා මම අහනවා. මේක කලාවක් විදියට දකින කෙනෙකුට ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් හැම දෙයක්ම අනිත් පැත්තට බලන කෙනෙකුට එකේ ඇදයක්ම තමයි පේන්නේ. ඒ එක්කම ඇයගේ අලුත් වැඩ කටයුතු ගැනත් කියලා තිබුනේ මේ වගේ දෙයක්

2

අලුත් වැඩ ටිකක් ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අලුත් ගීත කිහිපයකුත් කරලා එලි දක්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වැඩ කටයුතු එක්ක අම්මත් එක්ක හොරණ එරන්දතී කලා ආයතනයේ වැඩකටයුතු වලට සහයෝගය දෙනවා. සිනමාවට වගේම ටෙලිනාට්‍ය වලටත් ආරාධනා නම් ලැබෙනවා. නමුත් ඉතින් ඒ හැම දෙයකටම වෙලාව වෙන් කරගන්න අමාරුයි. ගොඩක් වෙලාවට මට කම්මැලි කමක් තමයි තියෙන්නේ. ඉදිරියේදී බලමු සමහර විට අලුත් දෙයක් හොඳ දෙයක් ලැබුනොත් බාරගන්න අදහසක් තියනවා.

Back to top button