ගොසිප් පුවත්

“විපක්ෂයේ හුස්මක්” ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නැංවීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය පෙරටත් වඩා ශක්තිමත් ලෙස ලබා දෙන ලෙස විපක්ෂ නායකතුමා එහිදී ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

විශේෂයෙන්ම මෙරට තුළ පවත්නා ඖෂධ හිඟය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, ඒ තත්ත්වයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව ට එම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

සමගි ජන බලවේගයෙන් ක්‍රියාත්මක “විපක්ෂයේ හුස්මක්” හරහා රෝහල් 50ක් ඉක්මවා සිදුකොට ඇති උපකරණ පරිත්‍යාගය පිලිබදව එහිදී විපක්ෂ නායකතුමා විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කළා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියගේ ප්‍රසංසාව හිමිවිය. (colombotimes.lk)

Viber

The post “විපක්ෂයේ හුස්මක්” ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට appeared first on Colombo Times.

Back to top button