විදෙස් පුවත්

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නතට WHO අනුමැතිය

ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණයකර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ සහ දකුණු කොරියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් සඳහා අනුමැතිය ලබාදීමට තීරණයකර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ යටතේ ලබන 15වැනිදා සිට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිෂීල්ඩ් එන්නතට හා දකුණු කොරියාවේ එස් කේ බයෝසයන්ස් ආයතනයේ නිපදවන එන්නත සඳහා අනුමැතිය හිමිවනු ඇත.

අදාළ එන්නත් සඳහා අවසර හිමිවන්නේ හදිසි භාවිත එන්නත් ලැයිස්තුව යටතේය.

මේ අතර එක්සත් රාජධානියෙන් පළමුව හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රා සෙනෙකා එන්නත සාධනීය ප්‍රතිඵල ලබාදෙන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අනාවරණයකර තිබේ.

එමෙන්ම, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මකවන එක්සත් රාජධානිය තුළ කොවිඩ් වසංගත අවදානම පහළයමින් පවතින බව එරට සෞඛ්‍ය හා සමාජ සත්කාර ආයතනය නිවේදනය කරයි.

කෙසේ නමුත් ඊයේ දිනයේදීත් එරටින් කොවිඩ් ආසාදිතයින් 19,114 ක් වාර්තා වී තිබූ අතර මරණ 1,014 ක් වාර්තා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button