ගොසිප් පුවත්

ජනපති සහ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර පැවති හමුවේදී ඊයේ සිදු වූ දේ

ඊයේ (10) රාත්‍රියේ ජනාධිපතිවරයා සහ ස්වාධීන වීමට තීරණය කළ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර පැවති හමුව තීරණයක් නොමැතිව අවසන් වූ බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

අතුරු ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් එහිදී සකච්ඡා නොකළ බවයි වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ.

කෙසේවෙතත් මෙම සාකච්ඡාවේදී නව අගමැතිවරයෙක් සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබුණත් අගමැති ධුරය වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එකඟතාවයක් පළවී නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවැත්වුණ අතර විරෝධතාකරුවන් ගාලුමුවදොර ප්‍රදේශයේ රැඳී සිටින බැවින් මන්ත්‍රීවරුන්ගේ වාහන පරිශ්‍රයට ඇතුළු වීමට වෙනම පිවිසුමක් භාවිතා කිරීම විශේෂත්වයක් වුණා.

ඒ සම්බන්ධව වැඩිදුර කරුණු දැක්වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා…
(colombotimes.lk)

Viber

The post ජනපති සහ මන්ත්‍රීවරුන් 41 දෙනා අතර පැවති හමුවේදී ඊයේ සිදු වූ දේ appeared first on Colombo Times.

Back to top button