විදෙස් පුවත්

කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ දේ විරෝධතාවක් නොවෙයි කැරැල්ලක් – බයිඩන් කියයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ තේරීපත් වූ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ පත්වීම තහවුරු කිරීම සඳහා පැවති විශේෂ රැස්වීම අවස්ථාවේදී කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවක් නොව, කරැල්ලක් දියත් කළ බව තේරීපත් වූ ජනපති ජෝ බයිඩන් පවසයි.

ප්‍රචණ්ඩක්‍රියා හටගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජෝ බයිඩන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉදිරියට යාමට ඉඩ සැලසිය යුතු බව පැවසීය.

ඩෙලවෙයාර් හි විල්මින්ග්ටන් හි සිට ඇමෙරිකානුවන් අමතමින් බයිඩන් කියා සිටියේ, “මෙය විරෝධතාවක් නොවෙයි, කැරැල්ලක්” බවය. “රූපවාහිනිය හමුවට ගොස් මේ වටලෑම අවසන් කරන ලෙස ඉල්ලන්න” යැයි ඔහු ජනාධිපති ට්‍රම්ප්ට කියා සිටියේය.

කෙසේ වෙතත් ජෝ බයිඩන් ගේ ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයකට පසුව වීඩියෝවක් මුදා හළ ඩොනල්ඩ් ට්‍රම්ප්, “මා දන්නවා, ඔබ ඉන්නෙ වේදනාවෙන්. ඔබට රිදිලා” යැයි පවසමින්, මැතිවරණය “සොරකම් කරලා” යැයි යළිත් ප්‍රකාශයක් කර තිබුණේ ඔහුගේ සමාජජාල ගිණුම් අත්හිටුවීමට පෙරය.

Leave a Reply

Your email address will not be published.

Back to top button