දේශීය පුවත්

අපිට වෛරසයක් මතින් දේශපාලනය කරන්න අවශ්‍ය නෑ -අගමැති

විපක්ෂයේ ඇතැම් පිරිස් කොවිඩ් අර්බුදය දේශපාලනීකරණය කර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ පැවති උත්සවයකට වීඩීයෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලාංකිකයින් සියල්ලන්ගේ ම බලාපොරොත්තුව රට සංවර්ධනය වෙත ගෙන යාම බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා,

“ අද කොවිඩ් අර්බුදය මුළු ලෝකයම ගිලගෙන තිබෙනවා. අනෙකුත් රටවල වගේම අපේ රටෙත් ජනජීවිතයටත් විශාල බලපෑමක්. රජයක් ලෙස අපි ඊට අවශ්‍ය බලපෑම කර තිබෙනවා. විරුද්ධ පක්ෂයේ ඇතැමෙක් නම් අපි දැක්කා කොවිඩ් ප්‍රශ්නයේ එල්ලිලා ඒකෙන් ගොඩයන්න පුළුවන් ද බලනවා. අපිට වෛරසයක් මතින් දේශපාලනය කරන්න අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය රටේ සියලුදෙනාගේ ම යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වීම. විවිධ අභියෝගවලට මුහුණදෙමින් වුවත් කවරදාකටත් වඩා දේශීය කර්මාන්තකරුවා නඟාසිටුවීමට අපට හැකිව තිබෙනවා. අපේ ඉලක්කය මේ රට දේශීය ආර්ථික ප්‍රතිපත්තියක් තුළ සංවර්ධනය කිරීමයි. ඒ නිසා ඇල්පෙනෙත්තක්වත් හදන්න නැති ජාතියක් ලෙස තවදුරටත් අපටම චෝදනා කර ගැනීමෙන් ඵලක් වෙන්නේ නෑ. අතීතයෙන් හොඳ දේ රැගෙන අනාගතය වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ.“

පන්නිපිටිය මාකුඹුර ප්‍රදේශයේ ඉදිකළ පාවහන් කර්මාන්ත ශාලාවක සමාරම්භක උත්සවය ඊයේ (20) පස්වරුවේ පැවැත්විණි.

එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන පාසල් පාවහන් වෙළෙඳපොළ මිලට වඩා සියයට 30ක් අඩුවෙන් සතොස වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button