ගොසිප් පුවත්
ගංගා කිහිපයක් සුලු ගං වතුර මට්ටමකට

කලු ගඟ, රත්නපුර සහ බුලත්සිංහල ප්රදේශවලින් සුලු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී තිබෙනවා.
එමෙන්ම අත්තනගලු ඔය, ගිං ගඟ, කැළණි ගඟ, කලු ගඟ, නිල්වලා ගඟ සහ බෙන්තර ඔයේ ස්ථාන කිහිපයක් අවධානම් මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙම ප්රදේශවලදී රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙසටද රියදුරන්ට උපදෙස් දී තිබෙනවා.
එමෙන්ම පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර අවධානම තවදුරටත් පැවතිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම කලු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්රිත ප්රදේශ වන මිල්ලනිය, මදුරාවල සහ හොරණ යන ප්රදේශ වල ජීවත් වන ජනතාවද අවධානෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.
(colombotimes.lk)

The post ගංගා කිහිපයක් සුලු ගං වතුර මට්ටමකට appeared first on Colombo Times.