ගොසිප් පුවත්
හෙට කොළඹට පැය 10 ක් ජලය අත්හිටුවයි

හෙට (21) රාත්‍රී 10:00 සිට පැය 10 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ ජලය බෙදා හැරීමේ පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන්.
ඒ අනුව, කොළඹ 12,13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
මීට අමතරව කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට එම කාල සීමාවේදී අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.
(colombotimes.lk)

The post හෙට කොළඹට පැය 10 ක් ජලය අත්හිටුවයි appeared first on Colombo Times.