ගොසිප් පුවත්

ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයි. ඒ කෙනා දිහා සතුටින් බලන් ඉන්නත් පුලුවන් වෙන්න ඕනි – වොල්ගා කල්පනී

මේ දිනවල පුංචි තිරය ඔස්සේ අපිට දැක ගන්න පුලුවන් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස වොල්ගා කල්පනී ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ සහ ‘මාණික්කාවත’ ටෙලිනාට්‍යයේ දැක ගන්න පුලුවන්. ඉතින් මාණික්කාවත ටෙලිනාට්‍යයේ ඇය දෑස් නොපෙනෙන කාන්තාවක්ගේ චරිතයක් තමයි ඇය රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් මනා සංයමයකින් කල යුතු ලෙහෙසි පහසු චරිතයක් නම් නෙමෙයි ඇය රංගනයෙන් දායක වුණේ. ඉතින් ඒ වෙනුවෙන් ඇය දෑස් නොපෙනෙන ‍යුවලක් එක්ක කතා බහ කරමින් ඔවුන්ගේ ජීවන රටාව මොන වගේද කියලා විපරම් කරමින් ඉදලා තමයි මේ තරම් සාර්ථකව ඇයට කර ගත හැකිවුණේ.

ඉතින් ටෙලිනාට්‍යය වල විවිධ චරිත ඔස්සේ තමයි අපිට වොල්ගාව දැකගන්න ලැබෙන්නේ. ඒ වගේම ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතා බහ කරන්නට ලක් වුනු කෙනෙක්. ඉතින් පාර දිගේ ටුටූ විදියටත් ඇයව මේ දිනවල ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඉතින් වොල්ගාගේ මේ දිනවල වැඩ කටයුතු ගැන ඇය පුවත් පතකට අදහස් දැක්වූයේ මේ විදියටයි.

” ව්ලොග් බයි වොල්ගා නමින් ඔන්ලයින් ඇදුම් ව්‍යාපාරයක් කරගෙන යනවා. හැබැයි ඇදුම්වල මිල නම් සුපිරිම නෑ. මම නිලියක් නොවුනනම් අනිවාරෙන්ම ව්‍යාපාරිකාවක් වේවී. අද වෙනකොට කලාව තුළ ඕන කෙනෙකුට එන්න පූලුවන්. ඒත් රදා පැවැත්ම තමයි අමාරුම දේ. පැවැත්මක් ඇති චරිතත් ඉන්නවා.

ආදරය කියන්නේ ලබාගැනීමම නෙමෙයි. තමන් ආදරය කරන කෙනෙක් දිහා සතුටින් බලන් ඉන්න පුලුවන්නම් ඒකත් ආදරය තමයි. ”

ඉතින් වොල්ගා කියන්නේ ඇය ළග සිටින අය තරමට වඩා විශ්වාස කරන කෙනෙක් කියලා. ඉතින් හැමෝම ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයි. ඒ කෙනා දිහා සතුටින් බලන් ඉන්නත් පුලුවන් වෙන්න ඕනි – වොල්ගා කල්පනී appeared first on FoxMedia.

Back to top button