ඇග හිරිවට්ටන, වේදිකාවම හොල්ලන, multi talented බුලට් එක – Achinthya Sahan

මොකක්ද ඔයාගෙ සම්පූර්ණ නම ?

මගේ නම වැලිවේරිය ලියනගේ දොං අචින්ත්‍ය සහන් විජේසිංහ.

සහන් කියන්නෙ මොනවගේ කෙනෙක්ද?

මම හරි නිදහසේ ජීවිතේ ගෙවන්න කැමති, නිතරම හිනාවෙන් ඉන්න කැමති කෙනෙක්.

කොහොමද ඉතින් මේ දවස් වල වැඩකටයුතු ?

මේ දවස් වල නම් The Voice Sri Lanka තරගයේ පුහුණුවීම් වල නිරත වෙනවා ඊලග තරඟ වටයට. කොවිඩ් වසංගතය නිසා හැමදේම ගොඩක් පරිස්සමට කරගෙන යන කාලයක් තමයි ඉතිං මේ ගෙවෙන්නෙ.

පවුලෙ විස්තර මොනවද ?

තාත්තයි ,අම්මයි මමයි නංගියි තමයි ඉන්නෙ.

පාසල් කාලෙ ගැන මතක් කළොත් ?

මගෙ පාසල පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය. පාසල් කාලයේ ඉදන්ම ගයන්න වයන්න,රගපාන්න,වගේම පාසලේ විෂය බාහිර හැම වැඩකටම වගෙ මගේ සහයෝගය දුන්නා. පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් වෙලා හිටියා. සුමංගලේ කිව්වම එන ආදරය, අහිංසක ආඩම්බරය, ඒ හැගීම කියලා නිම කරන්න බෑ එදත්,අදත්,හෙටත් ඒක. කවදත් එහෙමයි. මම පාසලේ තිබුණ ගොඩක් සංවිධාන වල නිලලත් සාමජිකයෙක්. පාසල ගැන මතක් කරනකොට අමතක කල නොහැකි මට ගොඩක්   හයියක් උන ගොඩක් ගුරුවරු ඉන්නවා. ඒ අතරින් මගේ සංගීත ගුරුවරුන් වන පුබුදු වල්පිට, නිරංජලා පෙරේරා, වත්සලා අබේසිංහ යන ගුරු පියතුමා සහා මෑණිවරුන්දෙපලත් එවක විදුහල්පති සෝමතිලක විතාරණ, උප විදුහල්පති රංජිත් අයිලප්පෙරුම වගේම දීපාල් පියතිස්ස යන ගුරුතුමන්ලා සියලු දෙනාවම මතක් කල යුතු වෙනවා.  සමස්ත ලංකා ප්‍රථම ස්ථාන විශාල ප්‍රමාණයක් මගේ පසලට හිමි කර දෙන්න මට පුලුවන් කම ලැබුනා. ඉස්සර මම පාසලේ තෑගි ප්‍රධානෝත්සවයක් එනකල් බලන් ඉන්නවා. වසරේ සෑම අතින්ම දකශතම ශිෂ්‍යයා වෙන්න. ඒ වෙලාවට එන නිහතමානී ආඩම්බරය කියලා නිම කරන්න බෑ. ආයෙමත් යන්න තිබුනනම් කියලා හිතෙන හරිම සුන්දර අතීතයන්, මතකයන් කියලා නිම කරන්නට බැරි තරම් තියෙන කාලයක් ඒක.

පාසල් යන කාලෙ මොනවගේ දේවල් කරන්නද වැඩිපුරම කැමති වුණේ? 

පාසල ඇතුලෙදි නම් සංගීත කාමරෙත් ,ශිෂ්‍ය නායක කාමරයෙත් ,මේස පංදු ක්‍රීඩා කරන්නත් තමයි වැඩිපුරම ආස. ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගිහිල්ලා යාලුවොත් එක්ක බයිසිකල් වලින් හැමතැනම යන්න ආස වුනා. හැබැයි ගෙදරට හොරෙන් තමයි එහෙම එකේ යන්නේ. ඒ කාලෙ හරි සුන්දරයි.

සහන් සංගීතයට යොමු වෙන්නෙ කොයි කාලෙද ?

මම පොඩිකාලේ ඉදන්ම එක එක සිංදු කෑලි, මේස වලට, තබ්ලා, බෙර එහෙම දැක්කහම ත‍ට්ටු දානවලු. මගේ ගෙදරම  සංගීතයට අවශ්‍ය වට පිටාව මට තියෙනවා. මට මගේ තාත්තගෙනුත් අම්මගෙනුත්ආභාසය ලැබුනා.
දහම් පාසලේ පද්‍ය ගායන තරඟ වලට 1 වසරෙ ඉදලම සහභාගි වෙලා ජයග්‍රහණ  ලබලා තියෙනවා. පාසලේ 4 වසරෙදි මාව තේරි පත්වෙන්වා සංගීත තරඟයකට යන්න. එදා ඒ විදිහට තියපු ආරම්භය  පියවරෙන් පියවර ඉදිරියට යන ගමන් තමයි මේ ඉන්නෙ.

සංගීතයට අමතරව මොනවගේ දේවල්ද කරන්නෙ?

මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා, නාට්‍ය රංගන කටයුතු වල යෙදෙනවා අවස්ථාවක් ලැබුණම වීඩියෝ කරණයටත් යොමු වෙනවා.

ලංකාවෙ සංගීත ක්ෂේත්‍රෙ ගැන ඔයාගෙ අදහස මොනවගේ එකක්ද ?

වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ නවමු මානයන් වලින් බලා යාවත්කාලින වෙමින් අලුත් රසවත් නිර්මාණ බිහිකරන දක්ශ සංගීත වේදීන් ගොඩක් බිහිවෙලා ඉන්නවා. ඉතිං ලංකාවේ සංගීත නිර්මාණයක් ලෝකයට ගෙනියන්න ඕනේ කියන මතේ මම ඉන්නවා. අති දක්ශ සංගීත පරපුරක් සහ අපිටම උරුම වෙච්ච දේශීය සංගීත සම්ප්‍රදායයන් තියෙන ප්‍රඪ දේශයක් විදිහට අනිවාර්යයෙන් අපිට ඒක කරන්න පුළුවන්.

ඉස්සරහට තමන්ගෙ ගීතයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද ?

ඉදිරියේදී මගේම නිර්මාණ කරන්න අනිවාර්යයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. දැනටමත් ඒ කටයුතු කෙරීගෙන යන ගමන්, රටේ වත්මන් තත්වෙ නිසයි ඒ වැඩකටයුතු තරමක් ප්‍රමාද වෙලා තියෙන්නෙ.

සංගීතයට ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද ?

ගෙදරින් තමයි මට සංගිතයට අත්තිවාරම් වැටෙන්නෙත්. ඉතිං ඇත්තටම මගේ ගමන යන්න මට ලොකු හයියක් මගේ ගෙදර හැම කෙනෙක්ම. අම්මා, තාත්තා, නංගී විතරක් නෙවෙයි මගේ මාමලා දෙන්නම ලොකු හයියක් මට.

කැමතිම ගායකයෙක් හෝ ගායන ශෛලියක් එහෙම තියෙනවද ?

ලංකාවේ අමරසිරි පීරිස්, කසුන් කල්හාර යන හඩ පෞරුෂයන් දෙකටම එකසේ ප්‍රියයි. ඉන්දියනු කෛලාශ් කෙහෙර් ගායකයාටත් ඔහුගේ  ශෛලියටත් මම ඉතාම කැමතියි.

ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයට අනාගතයෙදි ඔබගෙන් මොනවගේ දෙයක් ලැබෙයිද ?

හොදම රහම දේ දෙන්නයි මගේ එකම බලාපොරොත්තුව.

අනාගත බලාපොරොත්තු මොනවද ?

දක්ශ, නිර්මාණශීලි සංගීතවේදියෙක් වෙලා හොද නිර්මාණ වපුරන එක තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම ලංකාවේ නම ඉහලින් ම ඔසවා තබන්නත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

Exit mobile version