ගොසිප් පුවත්

පාසල් ප්‍රේමයකින් තමයි අපි විවාහ වුනේ, අදටත් මගේ මුල් තැන පවුලට-ජනප්‍රිය නළු විරාජ් පෙරේරා

මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙක්සිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි විරාජ් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහු මේ දවස් වල අපහසුතා ගොඩක් මැද්දේ වැඩකටයුතු කරගෙන යනවා කියලයි කියන්නේ. ඒ වගේම පාර දිගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ තමයිලු ඔහු මේ දවස් ගෙවන්නෙ. ඊට අමතරව ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයගේ අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණා කියලත් ඔහු කියනවා. ඉතින් මීමුරේ තමයිලු එහි රූපගත කිරීම් තිබුණේ.

ඒ වගේම මේ වසර ඔහුට ගොඩක් විශේෂයි කියලත් ඔහු කියනවා. ඊට හේතුව කිව්වොත් ඔහුට චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණාලු. ඉතින් ඒ දෙකම උදාර පල්ලියගුරුගේ කියලත් ඔහු කියනවා. ඒ වගේම එයින් එකක් 69 කියන චිත්‍රපටයලු. ඉතින් මේ චිත්‍රපට දෙකම මේ වසර තුළ තිරගත වෙයි කියලයි ඔහු කියන්නේ. ඉතින් සිනමාව තුළ ඔහුගේ පළමුවැනි අත්දැකීම තමයිලු ඔහු මේ විඳින්නෙ. ඉතින් ඒක ඔහුගෙ ලොකු සිහිනයක් කියලත් ඔහු කියනවා. ඒත් එක්කම රංගනයට අමතරව ඔහු ඔහුගේ රැකියාවේ වැඩ කටයුතුත් කරගෙන යනවාලු.

ඉතින් ඒ වගේම ඔහු මේ වන විට මියුසික් වීඩියෝ පන්සියකට අධික ප්‍රමාණයකට රංගනයෙන් සහභාගි වෙලා තියනවාලු. ඒ වගේම රූප රචනා හරහා තමයිලු ඔහු මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ. ඒ වගෙම සියයට අසූ පහක් පමණ ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීතවල රඟපාන්න ඔහුට හැකි වුණා කියලත් ඔහු කියනවා. ඉතින් ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයක රඟපෑවේ ඔහුලු. අන්තිමට අමල් පෙරේරාගේ රූප රචනයකට තමයිලු සහභාගි වුණේ. ඒ වගේම මේ අර්බුදය එන්න කලින් නම් මාසෙකට රූප රචනා දහයකට පමණ සම්බන්ධ වුණා කියලයි ඔහු කියන්නේ. නමුත් දැන් මේ ගැටලු සමඟ ඒ කටයුතුත් ඇනහිටලා තිබෙනවා කියලත් ඔහු කියනවා.

ඉතින් ඒ වගේම ඔහු මොන දේ කළත් මුල් තැන දෙන්නෙ ඔහුගේ පවුලට කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහු වැඩිපුර කාලය ගත කරන්නෙ ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟලු. ඒ වගේම ඔහුගේ දුව හිල්වුඩ් ජාත්‍යන්තර පාසලේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබනවාලු. පුතා ඉගෙන ගන්නේ චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ එක වසරේලු. ඒ වගේම ඔහුගේ බිරින්ඳ නර්තන ගුරුවරියක් කියලත් ඔහු කියනවා. ඇයගේ නම චතූ විජේසිංහලු. ඉතින් පාසල් ප්‍රේමයකින් තමයි ඔහු ඇය සමඟ විවාහ වෙලා තියෙන්නේ. ඉතින් එදා වගේම අදත් හරි ආදරයෙන් ඔවුන් ජීවත් වෙනවා කියලත් ඔහු කියන්නේ. ඒ වගේම චතූ කියන්නෙ හොඳ ඉවසීමේ ශක්තියක් තිබෙන හොඳ දරා ගැනීමක් තිබෙන කාන්තාවක් කියලයි ඔහු කියන්නේ. නැතිනම් ඔහුට මේ වගේ ක්ෂේත්‍රයක් නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න අපහසුයි කියලත් ඔහු කියනවා.

ඉතින් ඒ වගේම බිස්නස් කරන කෙනකුට බිස්නස් වැඩි වෙනවා වගේ රඟපාන කෙනෙක් විධියට චරිත ලැබෙනවා නම් ඔහු හරිම කැමැතියිලු. කොහොම නමුත් හැම දෙයක්ම ලැබෙන්නෙ වාසනාව මත තමයි කියලයි ඔහු කියන්නේ. නමුත් ඔහුට ලැබුණු චරිත පිළිබඳව ඔහු තෘප්තිමත් නැහැලු. ඉතින් දැන් ඔහුගේ හිතේ තදින්ම තිබෙන විශ්වාසයක් තමයිලු ඔහුට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේම ඔහු මේ තැනට එන්න ගොඩක් මහන්සි වුණා කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post පාසල් ප්‍රේමයකින් තමයි අපි විවාහ වුනේ, අදටත් මගේ මුල් තැන පවුලට-ජනප්‍රිය නළු විරාජ් පෙරේරා appeared first on FoxMedia.

Back to top button