දේශීය පුවත්

රනිල් නැවත පාර්ලිමේන්තු පැමිණ දිවුරුම්දී අසුන් ගත් හැටි Video

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම්දී ඔහුට පනවා තිබූ විපක්ෂයේ ඉදිරිපස අසුනේ අසුන් ගත්තේය.
ඔහුගේ පැමිණීම අවස්ථාවේ සියලු දෙනා අසුන් වලින් නැගිට ගෞරව කරන ලදි.කතානායකවරයා හා අනෙකුත් මන්ත්‍රීවරුන් ඔහුට සුබ පතන ලදි.
පසුගිය මහමැතිවරණයෙන් අන්ත පරාජයට පත්වූ එක්සත් ජාතික පක්ෂය කිසිදු ආසනයකින් ජයග්‍රහණය නොකළ අතර ප්‍රතිශත අගය සලකා එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පමණක් ලබාගන්නා ලදි.

එම ආසනයේ අසුන් ගැනීමේ තීරණය මාස ගණනාවක් ප්‍රමාදවී මෑතක ලබාගත්තේ පක්ෂ නායක රනිල් එයට සහභාගිවිය යුතු බවට එළැඹුණ අවසන් නිගමනයෙන් පසුය. ඒ අතර කාලයේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය, චීන වරාය පනත වැනි තීරණාත්මක අවස්ථාද එජාපයේ සහභාගිත්වය නැතිව විවාදයට ලක් විය. ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් ජනපතිවරුන්ගේ නිජබිමක් වූ එජාපය මෙවර තනි පාර්ලිමේන්තු අසුනකට ලඝුවූයේ පක්ෂ නායකත්වයේ වෙනස සම්බන්ධ අර්බුදයකින් පසු පිරිසක් කැඩී වෙනම පක්ෂයක් නිර්මාණය කළ නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් අවස්ථාවේ වීඩියෝව පහතින්

Back to top button