විදෙස් පුවත්

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින 5ක් අගුලු දමයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින පහක අගුලු දැමීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා අත්හිටුවා ඇති බව මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසයි.

මේ වනවිටත් ප්‍රාන්තයට සංචාරය ආරම්භ කර ඇති මගීන් 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන යන ගුවන් යානා හැරෙන්නට බ්‍රහස්පතින්දා වනතෙක් වෙනත් කිසිදු යානයකට වික්ටෝරියා වෙත ගුවන් ගමන් සඳහා ඉඩ නොදෙන බවද මහ ඇමති කියයි.

ඇන්ඩෘස් සිය දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේ මෙම තීරණයෙන් බොහෝ දෙනෙකු අපහසුතාවට පත්වන්නට ඇති බවයි. නමුත් තවත් සති දෙකක කාලයක් ගොස් ආපසු හැරී බැලුවොත්, මෙම තීරණය දැන් ගැනීම හොඳ යැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනු ඇති බවද ඔහු කීවේය.

වික්ටෝරියා ප්‍රාන්තය අද (13දා) තවත් අතිරේක කොවිඩ් -19 ආසාදිතයෙක් වාර්තා කළ අතර, එය මෑත කාලීන නිවාඩු නිකේතන පොකුරට සම්බන්ධ වූවකි. එක්සත් රාජධානියේ ප්‍රභේදයේ තහවුරු වූ අවස්ථා 14ක් පොකුරු සමඟ සම්බන්ධ වී ඇත.

2 Comments

  1. Good day! Do you know if they make any plugins to assist with SEO?
    I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good gains.
    If you know of any please share. Many thanks!

  2. Why viewers still make use of to read news papers when in this technological
    world all is available on web?

Leave a Reply

Your email address will not be published.

Back to top button