ක්‍රීඩා පුවත්
Trending

වනිදුට සහ චමිරට IPL වරම් හිමිවෙයි

මෙම වසරේ පැවැත්වූ ඉන්දිය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරඟාවලිය අතරමග නතර කිරීමට සිදුවූයේ එකල ඉන්දියාවේ පැවති දරුණු කොරෝනා වසංගතය හේතුවෙනි.

ඒ අනුව එම තරගාවලිය දෙවන අදියර එළඹෙන සැප්තැම්බර් මස 20 වන දින ඩුබායි හිදී ආරම්භ කිරීමට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර අවසන්.

මෙම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ද එක් කරුණක් වෙනුවෙන් බොහෝ විමසිල්ලෙන් බලා සිටි එක් කරුණක් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහබාගි වූ පසුගිය තරඟ වලදී ඉතා ඉහල මට්ටමේ දස්කම් දැක්වූ වනිදු හසරංගව ඉන්දීය ප්‍රිමිය ලිග් දෙවන අදියර සඳහා තොරගනිවිද යන බලාපොරොත්තුවයි.

එම අපේක්ෂාවන් සඵල කරමින් වනිදු සහ චමීර යන ක්‍රීඩකයන් දෙදෙනාම මෙවර ඉන්දීය ප්‍රිමිය ලීගය සඳහා ක්‍රීඩා කරන බවට නිල වශයෙන් මිට සුළු මොහොතකට පෙර Royal Challengers කණ්ඩායම තහවුරු කර සිටිනවා

ඒ අනුව එහි සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ මෑත කාලීන සුපිරිතම ක්‍රීඩකයින් දෙදෙනා වූ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට සහ පාදඟ පන්දු යොමු කරන ක්‍රීඩක වනිඳු හසරංගට IPL වරම් හිමි වී ඇති බවයි.

ඒ ලොව හිහිවූ අග්‍රගණ්‍යම ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන විරාත් කෝලි නායකත්වය දරණ Royal Challengers කණ්ඩායමේ ක්‍රීඩා කිරීමටයි.

Royal Challengers කණ්ඩායමේ ක්‍රීඩකයින් වූ ඇඩම් සම්පා සහ කේන් රිචර්ඩ්සන් වෙනුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනාව ඔවුන් සිය කණ්ඩායමට කැඳවා ඇත

ඒ පිලිබදව RCB නාල Facebook ගිනුම තැබු සටහන

Back to top button