Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.

හලාවත රෝහලේ මළ සිරුරු දෙකක් පැටලී ජංජාලේ

හලාවත රෝහලේ මෘතශරිර දෙකක් සම්බන්ධයෙන් පෙරේදා (3) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එක් පාර්ශ්වයක ඥාතීන් විසින් මෘත ශරීරයක් හඳුනාගන බාරගෙන භූමිදානය කිරීමෙන් අනතුරුව එම මෘතශරිරයේ සැබෑ අයිතිකරුවන් රෝහලට පැමිණ තමන්ට අයත් මෘතශරීරය ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. මෙම මරණ දෙකින් එකක් රෝගී තත්ත්වයක් හේතුවෙන් හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිදුව ඇති අතර අනෙක් මරණය විල්පත් දේවාලහංදිය ප්‍රදේශයේදී රියඅනතුරක්
හේතුවෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුව ඇති මරණයක් බව පොලිසිය පවසයි.

මෙසේ රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බංගදෙනිය කරුක්කුපනය පදිංචි නැමති 46හැවිරිදි තිදරු පියෙකි.

විල්පත දේවාලහංදිය ප්‍රදේශයේදී රිය අනතුරකින් මරණයට පත්ව ඇත්තේ හොරණ, කුඩා උඩුව, වලව්වත්ත පදිංචි බාලසූරිය මුදියන්සේලාගේ හේරත් හාමිලාගේ රුවන්සම්පත් නැමති 44 හැවිරිදි තිදරු පියෙකි.

ආරච්චිකට්ටුව කරුක්කුපනය පදිංචිව සිටි මරණකරුගේ මෘතශරීරය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය ඥාතීන් ලවා හඳුනාගැනීමෙන් අනතුරුව රෝහලේදී සිදුකළ පරීක්ෂණයෙන් හලාවත රෝහලේ හදිසි මරණ පරික්ෂක වසන්ත ගීකියනගේ මහතා වෙද්‍ය වාර්තා සහ සාක්ෂි සැළකිල්ලට ගෙන එම මරණය අක්මාව ඉදිමීම නිසා ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුව ඇති බවත් එම මෘතශරීරය ඥාතීන්ට ලබා දෙන ලෙසටත් රෝහල් මෘතශරීරාගාර කාර්ය මණ්ඩලයට නියෝග කර ඇත. මෙම ඉසු අනතුරක් සම්බන්ධයෙන් සිදුවඇති මරණයේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට එම ඥාතීන්ට මෘතශරිරය පෙන්වීමෙන් අනතුරුව එම මෘතශරීරය තමන්ට අයත් එකක් නොවන බවත් තමන්ට අයත් සිරුර වහාම ලබාදෙන ලෙසටත් රෝහල් බලධාරීන්ට චෝදනා කර ඇත.

ඒ අනුව සිදුව ඇ ත්තේ රියඅනතුරෙන් සිදුව ඇති මරණයට සම්බන්ධ මෘතශරිරය තමගේ මෘත ශරීරය බවට ආරච්චිකට්ටුව කරුඤ්ඤාපනය ඥාතීන් හඳුනා ගැනීම හේතුවෙන් එම මෘතශරිරය ඔවුන් ගෙගොස් ඇති බවයි. කෙසේ වෙතත් පෙරේදා (3) මෙම මෘතශරීරය සිය ඥාතීන් විසින් නිවෙසේදී අවසාන ගෞරව හා ආගමික කටයුතුවලින් අනතුරුව භූමදානයද කර ඇත. අනතුරුව රිය අනතුරන් මරණයට පත් මළසිරුර බාරගැනීමට පෙර එම ඥාතීන් පරික්ෂා කිරීමේදී මෙය තමන්ගේ මරණයට පත් ඥාතියා නොවන බවත් තමන්ගේ ඥාතියාගේ නියම සිරුර තමන්ට ලබාදෙන බවත් රෝහල් බලධාරීන්ට පවසා ඇත.

ඒ අනුව සිදුකළ පරික්ෂාවකදී මෘතශරීර මාරුවී ඇති බවට කරුණු අනාවරණය වී ඇත. මෙම

ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව දැනට භූමදානය කර ඇති මළ සිරුර ගොඩගැනීමට සිදුවන බවත් සිදුව ඇති වරද සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවත් ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ සහකාර පොලිස් අධිකාරි රංජිත් විජේවර්ධන යන පොලිස් නිලධාරීන්ගේ උපදෙස්මත ආරච්චිකට්ටුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විරෝයි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(ආරච්චිකටුව ලලිත් නරන්න)

 

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

1 week ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago