Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
ක්‍රීඩා පුවත්

බංග්ලාදේශ ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ට සහ මුෂ්ටර්ෆිසූර් රෙහමාන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට සූදානම්වීමට කාලයක් නොමැති බව වාර්තා වෙයි.ඒ බංග්ලාදේශයට පැමිණ දින 14ක කාලයක් නිරෝධායනයවීමට සිදුවීම හේතුවෙනි.

ෂකිබ් අල් හසන් සහ මුෂ්ටර්ෆිසූර් රෙහමාන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වු අතර එම තරගාවලිය කල්දැමීම හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රට බලා පිටත්ව යෑමට සිදුව තිබේ.එහිදී බංග්ලාදේශ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව දින 14ක කාලයක් නිරෝධායනයවීමට සිදු වී ඇත.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ නිරෝධායන කාලය සීමා කරදෙන ලෙසට එරට ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කළ ද එය ප්‍රතික්ෂේප වී තිබේ.ඉන්දියාවේ සිට බංග්ලාදේශ දක්වා ගුවන් ගමන් සිදු නොවන අතර ඔවුන් දෙදෙනා ඉදිරි දින කිහිපයේදී බංග්ලාදේශය වෙත ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සලසන බව වාර්තා වේ.

මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ තරග කාල සටහන ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය.
‍ඒ සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 16 වනදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වන අතර පළමු එක්දින තරගය මැයි 23 වනදා ඩකා හිදී පැවැත්වේ.දෙවන තරගය මැයි 25 වනදා, තුන්වන තරගය මැයි 28 වනදා පැවැත්වෙන අතර සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන්නේ ඩකා නුවරදීය.

තරගාවලිය අවසන්වීමනේ පසු ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 29 වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

1 week ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

1 month ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

1 month ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

1 month ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

2 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

2 months ago