විදෙස් පුවත්

ඉලෙක්ටොරොල් ඡන්ද ජෝ දින්නොත් ධවල මන්දිරයෙන් ඉවත් වෙන්න සූදානම් – ට්‍රම්ප්

එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් ඉලෙක්ටොරොල් ඡන්ද ජෝ බිඩෙන් ජයග්‍රහණය කළහොත් තමන් ධවල මන්දිරයෙන් ඉවත් වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් ධවල මන්දිරයේදී අදහස් දැක්වූයේ එක්සත් ජනපද හමුදා සාමාජිකයින් සමඟ සාම්ප්‍රදායික ස්තුති පුද කිරීමේ දේශනයේදී ඔවුන් සමග කතා කිරීමෙන් අනතුරුවය.

AV Rase

වර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.

එක්සත් ජනපද ඉලෙක්ටොරොල් ඡන්ද නියෝජිතයන් දෙසැම්බර් 14 වැනි දින රැස්වීමට නියමිත අතර, මේ වනවිටත් එයින් බහුතර බලය බයිඩන් වෙත හිමිව ඇති බව මැතිවරණ දත්ත පෙන්වා දෙයි. එබැවින් බයිඩන් ජනවාරි 20 වැනි දින දිවුරුම්දීමට නියමිතව තිබේ.

ජනාධිපති ට්‍රම්ප් බොහෝවිට ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාර්ගෝ නිවාඩු නිකේතනයේ නිවාඩු දින සැමරීමට කැමති නමුත් බ්‍රහස්පතින්දා ඔහු වොෂිංටන් රැඳී සිටිමින් උදෑසන වර්ජිනියාවේ ජාතික ගොල්ෆ් සමාජ ශාලාවේ ගත කළේය. එහිදී ඔහු ගොල්ෆ් වටයක් ක්‍රීඩා කළේය. .

පසුගිය වසරේ ඔහු ඇෆ්ගනිස්ථානයට හදිසි සංචාරයක් කළ අතර, ඔවුන් සමඟ ස්තුති පුද කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකටද වාඩි විය. මෙවර ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට හමුදා සාමාජිකයින්ට වීඩියෝ සබැඳියක් මගින් කතා කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button