දේශීය පුවත්

ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පැනවෙයි

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස දෙකකට සංචරණ සීමා පනවා තිබේ.

ඒ අනුව වටවල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ වැලිඔය – දඩුකැලේ පහළ කොටස සහ ගිනිගත්හේන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පැන වේ.

කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමග එම තීරණය ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා සඳහන් කරයි.

පළාත් සෞඛ්‍යය අධ්‍යක්ෂ සේවා කාර්යාලයේ දී අද (03) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹ ඇත.

බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් ආසාදිතයින් 15ක් සහ දඩුකැලේ වත්ත පහළ කොටසින් ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button