දේශීය පුවත්
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා පනවයි

මහනුවර නගරයේ බෝගම්බර ප්‍රදේශයට අද (04) සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.
ඒ, එම ප්‍රදේශයෙන් තවත් කොවිඩ් – 19 ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගැනීමත් සමග ය.

ඒ අනුව එම ප්‍රදේශයෙන් හඳුනාගැනුණු සමස්ත ආසාදිතයින් ගණන 25කි.
මේ අතර මහනුවර නගර සීමාවේ පාසල් 45ක් හා අකුරණ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පාසල් 05ක් තවත් සතියක කාලයක් වසා තැබීමට ද අද තීරණය කෙරුණි.
මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ දී අද රැස්වු කොරෝනා මර්දන කමිටුව මෙම තීරණය ගෙන තිබුණි.
එම පාසල් එළැඹෙන සඳුදා (07) විවෘත කිරීමට නියමිතව තිබුණි.