දේශීය පුවත්

ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 05ක් සදහා සිමා සහිත සංචාරණ සිමා

ගාල්ල නාගරික බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 06 දෙනෙකු අද (05) දින වාර්තාවිමත් නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් පහක් සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට නිර්දේශකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝ/ග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

ගාල්ල නාගරික සභා බල ප්‍රදේශයට අයත් ඇත්තිලිගොඩ දකුණ,මකුළුව, දෙද්දුගොඩ,උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරිවසම්වල සිමාසහිත සංචාරන සිමා පැනිවමට නිර්දේශකළ බවද ඒ මහතා පවසයි. මෙකි ග්‍රාම නිලධාරිවසම් 05 තුල හෙට දින (06) අහමු පි. සි.ආර් පරික්ෂණ 1000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකිරිමට සැලසුම්කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝගවිද්‍යාඥවරයා පවසයි. එම නිසා එම ප්‍රදේශවල ජනතාව පුද්ගලික සංචාරණ සිමා පනවාගෙන පි.සි.ආර් පරික්ෂණ සදහා සහභාගිවන ලෙස ඉල්ලිමක් කරණ බව සදහන් කළ ප්‍රාදේශිය වසංගත රෝගවිද්‍යාඥවරයා පි.සි.ආර් පරික්ෂනවල ප්‍රථිපල ලැබෙන තෙක් මෙකි ප්‍රදේශ සදහා සිමා සහිත සංචරණ සිමා පැනවිමට තින්දුකොට ඇති බවද හෙතෙම පවසයි. මේ පිළිබද ආණ්ඩුකාරතුමාට, ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තුමාට හා සෞඛ්‍ය අංශවල ඉහල බලධාරින් සදහා දැනුම් දි ඇතිබවද හෙතෙම පවසයි.

දේද්දුගොඩ ප්‍රදේශයෙන් මිට පෙරකොරෝනා වෛරසය ආසදානය වු මණ්ඩලික බැංකු නිලධාරිණියකගේ පවුලේ ඥාතින් 04 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු අද දින වාර්තා වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කය තුල අද දින කොරෝනා ආසාදිත රෝගින් 20 දෙනෙකු වාර්තාවි ඇති බව පවසන ඒ මහතා හපුගල ඉංජිනේරුපිඨයේ සිසුවියන් දෙදෙනෙකුද ඒ අතර සිටින බවද පවසයි.

Leave a Reply

Your email address will not be published.

Back to top button