දේශීය පුවත්

අද පළමු වටයේම ආසාදිතයන් 3051ක් – මෙරට සමස්ත ආසාදිතයන් 150,000 සීමාව ඉක්මවයි

අද(19) කොවිඩ් 19 ආසාදිතයින් 3051ක් මේ දක්වා වාර්තාවී තිබෙයි.

මෙම සංඛ්‍යාව එක් දිනක් තුල මෙරටදී මෙතෙක් වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වන අතර අද රාත්‍රී තවත් කොටසක් ප්‍රකාශයට පත්වීම නියමිත නිසා මෙම අගය තවත් ඉහළ යනු ඇතැයි පැවසේ.

දැනට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 150,771ක් ලෙසටයි.මෙම ආසාදිතයන්ගෙන් 27389ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.
ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා මරණ 1015ක් ද වාර්තාවී තිබෙයි.

Back to top button