ගොසිප් පුවත්

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබේ.බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩමකර ඇත්තේ අද (28) වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.එමෙන්ම රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබාදී ඇත්තේ ද යශෝධරාවගේ දුක තුනී කිරීම සඳහා සඳකිදුරු ජාතකය දේශනාකර ඇත්තේ ද අද වැනි පොහොය දිනයකදීය.ලෝකවාසී බෞද්ධ ආගමික ජනතාව අද දිනයේ ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරත වෙමින් කටයුතු කරනු ඇත.

මේ අතර මිහිඳු නිවහන ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව අද පොළොන්නරුව මැදිරිගිරිය පශ්චිමාරාමයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.බුද්ධ ශාසනය සඳහා දරුවන් පිදු, ආර්ථීක වශයෙන් දුෂ්කර මට්ටමක සිටින, නිවසක් අහිමි හෝ අඩක් සාදන ලද නිවසක් හිමි දෙමව්පියන්ගේ නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ආධාර කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මකය.මේ අතර හන්තාන කඳු මිටියාවතේ ඉදිකළ සඳගිරි මහා සෑයේ කොත් වහන්සේ පැළදවීමේ පුණ්‍යොත්සවය අද සිදු කෙරේ.එම කොත්වහන්සේ පිළිමතලාවේ සිට පසුගිය 25 වනදා විහාරස්ථානයට වැඩම කරනු ලැබීය.අද දහවල් දක්වා කොත්වහන්සේ වන්දනාමාන කිරීමේ අවස්ථාව සැදැහැවතුන්ට හිමිවේ.

අද පස්වරු 03.00 ට සඳගිරි මහා සෑයේ කොත්වහන්සේ පැළඳවීමේ පුණ්‍යොත්සවය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button