විදෙස් පුවත්

ටික්ටොක් තරුව බැලා පෝර්ච්ගේ පළමු මියුසික් වීඩියෝව සති දෙකින් මිලියන 120 ක් බලලා

පිලිපීන සම්භවයක් ඇති ඇමරිකානු ටික්ටොක් තාරකාවක්වූ බැලා පෝර්ච් මීට සති දෙකකට ඉහත මැයි 14 වනදා සිය මුල්ම මියුසික් වීඩියෝව යූටියුබ් ඔස්සේ එළිදැක්වූ අතර මේ වනවිට එය ලොව පුරා නැරඹූම් මිලියන 120 ක් ලබාගෙන වාර්තාවක් තබා ඇත.

ඇමරිකානු බිල්බොර්ඩ් ගීත දර්ශකයටද මෙම ගීතය සතියක් තුළ ඇතුළත්ව ඇත.
බැලා පෝර්ච් ටික් ටොක් නමැති සමාජ මාධ්‍ය ජාලයේ වැඩිම පිරිසක් සම්බන්ධවී සිටින තාරකාවකි. මිලියන 47 ක් ලයික්ස් ලැබුණ ඇයගේ Bella Poarch ‘M to the B’ වීඩියෝව එදා මෙදාතුර ටික් ටොක් වේදිකාවේ වැඩිම දෙනෙකු කැමැත්ත පළ කළ වීඩියෝව බව කියැවේ.
එය එතරම් ජනප්‍රිය වූයේ මන්ද යන්න පිළිබඳව කලකට ඉහත වෙබ් අඩවි තුළ කතිකාවක් පවා ඇතිවිය.
ඇයගේ ‘නාසය ඇඹරීමට සහ ඇගේ හිස පිම්බීමට‘ දක්වන දක්ෂතා නිරූපණ හැකියාවන් ගැන වර්ණනාද පළ විය.
ඇය ටික්ටොක් වේදිකාවේ චලන රටාව නිවැරදිවම හදුනාගත් තැනැත්තිය යයි අදහස් පළ විය.
මේ අතරේ ඇය තරුණ පරපුර අතර උමතුවක් බවට පත් විය.
ඇය ජනප්‍රියත්වය ඉහළින් දිනා සිටින සමයේ ඇමරිකාවේ සුප්‍රකට Warner Records ඇය සමග ගිවිසුම් ගතවී මියුසික් වීඩියෝවක් නිර්මාණය කළ අතර Bella Poarch – Build a B*tch නමින් යූටියුබ් වෙත එය මුදාහරින ලදි.
කිසිවෙකු නොසිතූ තරම් ඉහළ ප්‍රතිචාරයක් දැන් එයට ලැබී ඇති අතර යූටියුබ් තුළ කෙටි කාලයක් තුළ වැඩිම නැරඹුමක් එනම්
සති දෙකින් මිලියන 120 ක් නැරඹුම් පෙන්නුම් කළ වීඩියෝව බවටද එය පත්ව ඇත.
බැලා පෝර්ච්ගේ මෙම අතික්‍රමණය ඇය සංගීත ලොකයේ තාරකාවක් කර ඇතැයි සමාජ මාධ්‍ය විශ්ලේෂණ වාර්තා පෙන්නුම් කරයි.

ජනප්‍රිය වූ මියුසික් වීඩියෝව පහතින්

බැලාගේ ටික්ටොක් වීඩියෝ එකතුවක් පහතින්

Back to top button