ගොසිප් පුවත්

Tiktok මිතුරෙක් හමුවීමට ගිය දැරිවියෙක් වාහනයක් තුලදී සමුහ දුෂණය වෙයි

පාකිස්තානයේ ලාහෝර් නගරයේ දැරියක්, ටික්ටොක් හරහා මුණගැසුණු මිතුරෙකු ඇතුළු තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් වී ඇති බව දේශීය ප්‍රවෘත්ති ආයතන ජූලි 13 වනදා වාර්තා කර තිබෙනවා.

දැරිය ලාහෝර්හි මිලට් පාර්ක් පොලිසියේ පැමිණිල්ලක් සිදු කරන ලද අතර ඇයගේ පැමිණිල්ල මත දැරියගේ වෛද්‍ය පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් පසු නීතිමය පියවර ගන්නා බව පොලිසිය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

AV Rase

සිය පොලිස් පැමිණිල්ලේ දී දැරිය කියා ඇත්තේ ටික්ටොක් හරහා ෂිරාස් නම් පුද්ගලයෙකු සමඟ මිත්‍ර වූ බවයි.

සිද්ධියට දින 20කට පෙර තමා එම පුද්ගලයා සමඟ කතා කිරීමට පටන් ගත් බවත් පසුව ඔහුගේ ඉල්ලීම පරිදි සමනබාද් ප්‍රදේශයේ දී ඔහුව හමු වූ බවත් ඇය පොලිසියට පවසා ඇත.

ෂිරාස් ලෙස හඳුනාගත් එම මිතුරා ඉන් පසු ඇයව හමුවීමට යෝජනා කළ අතර කාර් රථයකින් පැමිණ ඇයට එහි අසුන් ගන්නා ලෙස පවසා ඇති බවත් එම වාහනයෙහි තවත් මිනිසුන් දෙදෙනෙකු සිටි බවත් වාහනය තුළ දි ඇය තිදෙනාම අතින් සමූහ දූෂණයකට ලක් වූ බවත් ඇය පවසා ඇත.

එරට දේශීය ප්‍රවෘත්ති වාර්තා වලට අනුව, ලාහෝර් හි ඉක්බාල් නගර විමර්ශන පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී නවීඩ් ඉර්ෂාඩ්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ෂිරාස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වන විට පොලිසිය අනෙක් විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button