අරුම පුදුම

පිටරටක කියල හිතුවේ..නෑ මේ නව කැළනි ගුවන් පාලමේ ලස්සන..!

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2014 වසරේදී මූලික සැලසුම් සකස් කර ගිවිසුම් අත්සන් කල ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කරන ලෙස විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 2021-07-04 දින උපදෙස් ලබා දෙන ලදී.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය. එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලම සදහා යොදා ගන්නා ලෙස උපදෙස් ලබාදුනි.

AV Rase

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබාදුන් උපදෙස් මත මේ වන විට නව කැළණි පාලම විදුලි ආලෝකකරණය කර ඇත. 2021-09-13 වන අද දින එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Back to top button