LPL පුවත්
දඹුලු පන්දු යවන්නන් තිසර පෙරේරා ඉදිරියේ දණ ගැසු හැටි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වන තරගයෙන් ජයගැනීමට දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 218ක්.
එහිදී නායක තිරස පෙරේරා පන්දු 44 කට මුහුණ දී හයේ පහර 7 ක් සහ 4 පහර 8 ඇතුළත්ව ලකුණු 97 ක් රැස් කරගැනීමටයි සමත් වුණේ.
ලහිරු කුමාර විසින් ක්‍රියාත්මක කළ 19 වන පන්දුවාරයේදී තිසර පෙරේරා ලකුණු 30 ක් ලබාගත්තා.
තරගය පැවැත්වෙන්නේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.